ජනාධිපතිවරයා බලයට පැමිණියේ පුරන් වූ කුඹුරු අස්වද්දන වීර පුරන් අප්පු ලෙස වුවත් අද එතුමා කුඹුරු පුරන් අප්පු බවට පත්ව ඇති බවට ගොවි ජනතාව කියන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
අද පැවැති සාකච්ජාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ කුඹුරු පුරන් අප්පුගේ ගෝලයන් බවට ආවර්තිතා වගුවවත් නොදන්නා ඇමැතිවරුන් පත්ව ඇති බවයි.
එමනිසා රටේ හදවත වැනි වූ කෘෂිකර්මය විනාශ නොකරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා කියා සිටියේය.










