උද්ගතව තිබෙන තත්ත්වය අනුව කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍ය හමුවක දී පැවසීය.Sri Lanka Latest News
එළඹෙන උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කීය.
රටේ හිඟතාවයක් තිබෙන යම් යම් ආහාර හා ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය.
සම්බා, කීරි සම්බා ආදිය කළුකඩ මිලට විකිණීම බරපතල ගැටලුවක් බව පැවසූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතා කමිටුවේදී ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡා කෙරුණු බවත් මෙම තත්වය යටතේ ඉදිරියේදී සහල් ආනයනය කිරීම සිදුවිය හැකි බවත් කීය.










