රටේ ජනතාවත් අරගල කරන ජනතාවත් ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා ඇතුලු ආණ්ඩුව ගෙදර යන ලෙස බවත්, අන්තර්කාලීන ආණ්ඩු ගුණ්ඩු ගෙනාවේ කුමන්ත්‍රණයක් ලෙස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අරගලය පරාජය කරන්නට ගෙනා ගැටයට සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හසු නොවූ බවද විපක්ෂ නායකතුමා පැවසීය.
ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (29) සිවුවෙනි දිනයට දංඕවිටෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.
අද එහි ගමනාන්තය වූයේ යක්කල නගරයයි. විපක්ෂ නායකතුමා ඉහත අදහස් දැක්වූයේ පාගමන යක්කල නගරයේදී හතරවන දිනයට අවසන් කරමිනි.හෙට එහි අවසන් දිනයයි.