ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවත් එම පොරොන්දු තවදුරටත් ඉටු නොකරන්නේ නම් උතුර- නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නැවැත්වීමට කටයුතු යොදන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පැවසීය.Sri Lanka Latest News
ඔහු පැවසුවේ, ආණ්ඩුව මේ වනතෙක් දෙමළ ජනයාට දුන් පොරොන්දුවලින් කිසිවක් ඉටුකර නොමැති අතර විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, එමෙන් ම දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න නොවිසඳීම පමණක් නොව මේ වන විට උතුර නැගෙනහිර තරුණයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස ආනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව හෙට (අගෝ. 15) පැවැතීමට තිබුණු උතුරු නැගෙනහිර හර්තාලය මඩු මංගල්‍යය පවත්වන දිනට යෙදී ඇති බැවින් එය ලබන 18 වන දාට යොදාගත් බවත් හර්තාලයෙන් පසුවද කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් නොලැබෙන්නේ නම් ඒ අනුව උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නවත්වන බවත් මන්ත්‍රිවරයා පැවසීය.










