• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

හොරුත් එක්ක බෑ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 24, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
හොරුත් එක්ක බෑ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 17කට පසු 1994 යළිත් ශ්‍රීලනිපය බලයට ගේන්න චන්ද්‍රිකා ජප කරපු මන්තරය දූෂණය සහ භීෂණයය. වසර 17ක දූෂණයට සහ භීෂණයට එරෙහිව ඇය ජනතාව පෙළගැස්වූවාය. ඒ වෙලාවේ ඇය තමන්ගේ මන්තරයට හානි වෙන වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවට සම්බන්ධකම් ඇති කිසිවකු ඇගේ පොදු පෙරමුණු සන්ධානයට එක්කර නොගැනීමට පරෙස්සම් වුණාය. යූ.ඇන්.පී. පළාත් සභා මන්තී සනත් ගුණතිලක සහ යූ.ඇන්.පී. ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක ගාමිණි ෆොන්සේකා ඇය සන්ධානයට එක්කර ගත්තේ ඔවුන්ගේ තරු ගුණය නිසාය. ඒත් ඇයට ශ්‍රීලනිපය තුළ නායකත්වයට ගෙන එන්න ලොකුම කාර්යභාරය කළ ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවන්, ගාමිණී සහ සනත් පොදු පෙරමුණු වේදිකාවට ගැනීමෙන් චන්ද්‍රිකාගේ දේශපාලන පාරිශුද්ධභාවය නොහොත් කන්‍යාභාවයට හානි කරගෙන ඇතැයි චෝදනා කළේය. ඔහු කීවේ ඔවුන් දෙදෙනාද වසර 17ක දූෂණය සහ භීෂණයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බවය. ඒත් චන්ද්‍රිකා ජනතාව ආකර්ෂණය කරගැනීමට ඔවුන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරගත හැකි යැයි සිතුවාය.Sri Lanka Latest News

94 බලයට ආ ඇය යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ සහ භීෂණය හොයන්න ජනාධිපති කොමිෂන් හැටහුටාමාරක් දැම්මාය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ විජයපාල මෙන්ඩිස්ගේ දූෂණ හොයන්නත්, ඇඹිලිපිටියේ සූරියකන්ද පාසල් සිසුන් ඝාතනය හොයන්නත් කොමිෂන් දැම්මාය.

චන්ද්‍රිකා දේශපාලන කරළියට එන්නේම සූරියකන්දේ ඝාතනය වූ පාසල් සිසුන් වළදැමූ තැන හොයා ඒ ළමුන්ගේ ඇටකටු විකුණලාය. ඇය කාටත් රහසින් සූරියකන්දට ගොස් දමපු දේශපාලන රංගනයෙන් ඩී.බී. විජේතුංගගේ යූ.ඇන්.පී. ආණ්ඩුවට කටඋත්තර නැති විය.

චන්ද්‍රිකා මොන ෂෝ දැම්මත් ඇයට 94 පාර්ලිමේන්තු බහුතරය වූ 113 හිමිවූයේ නැත. ඇය 113 හදාගත්තේ අෂ්රොෆ් සහ චන්ද්‍රසේකරන්ගේ මන්ත්‍රීවරු අටවාගෙනය. මේ නිසා ඇය විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය දුර්වල කරන්න යූ.ඇන්.පී. මන්ත්‍රීවරු බිලී බාගන්න සිරිකොතට බිලී පිත්ත දමාගෙන සිටියාය. ඒ වෙලාවේත් ඇයව බලයට ගෙන ආ ස්වාධීන සිවිල් සංවිධාන කීවේ වසර 17ක යූ.ඇන්.පී. දූෂණයට සහ භීෂණයට හවුල් වූ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු කරගෙන ආණ්ඩුවේ කන්‍යාභාවය නැතිකර නොගන්නා ලෙසය.

බලයෙන් මත්වී සිටි ඇය 1999 ජනාධිපතිවරණය අත ළඟ තිබියදී යූ.ඇන්.පී. මන්ත්‍රීවරු ගණනාවක් ආණ්ඩුවට එකතු කරගත්තාය. ඉන් එක් අයෙක් වූයේ විජයපාල මෙන්ඩිස්ය. ඇයගේ ආණ්ඩුව ජනාධිපති කොමිසමකින් විජයපාලට එරෙහි දූෂණ චෝදනා ඔප්පු කොට ඔහුට එරෙහිව පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනැවිත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න සූදානමින් සිටියාය. විජයපාලට එරෙහිව ඇයගේ ආණ්ඩුව ජවිපෙ මර්දනය සඳහා වධකාගාර පවත්වාගෙන ගිය බවටද චෝදනා කර තිබිණි. මේ චෝදනා සියල්ල අමතක කොට ඇය විජයපාලව ආණ්ඩුවට ගත්තේ හිරිකිතයකින් තොරවය.

ඒ වගේම ඇය රටම හොල්ලපු සූරියකන්ද ඛේදවාචකයට චෝදනා එල්ල වී සිටි එක් අයෙක් වූ රත්නපුර දිස්ත්‍රික් හිටපු ප්‍රබල ඇමැති නන්ද මැතිව්ද ආණ්ඩුවට ගත්තේ ඇයව බලයට ගෙන ආ නාටකයට පාවිච්චි කළ දූෂණ භීෂණ වස්ත්‍ර උනා දමමින්ය. ඇගේ ආණ්ඩුව දේශපාලන කන්‍යාභාවය නැතිකර ගත්තේ එතැනින්ය. ප්‍රභාකරන්ගේ අනුකම්පා බෝම්බය නොවන්න ඇය පරාජය වීමට නියමිතව තිබිණි.

මේ වගේම මහින්ද රාජපක්ෂත් 2005 බලයට එන්නේ දේශප්‍රේමී බලවේග එකට එකතු කරගෙන රට පාවා දෙන්න යන රනිල්ගේ සටන් විරාම ගිවිසුමට එරෙහිවය. ජනතාව මහින්දව දිනවන්නේ රනිල් උතුරු-නැගෙනහිර ප්‍රභාකරන්ට ලියයි කියා මහින්ද සහ ජවිපෙ ජනතාවට ඒත්තු ගන්වන්න සමත් වූ නිසාය. මහින්ද තමාව බලයට ගෙන ආ ජනතාවගේ ජනවරමට ගරු කරමින් සටන් විරාමය කුණු කූඩයට දමා ප්‍රභාකරන්ව ඝාතනය කොට යුද්ධය අවසන් කළේය. යුද්ධය අවසන් කරන්න විශාල කාර්යභාරයක් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහින්දට එරෙහිව ජනාධිපති සටනට ආවත් ජනතාව මහින්දට ඡන්දය දෙන්නේ යුද්ධය දින්නේ මහින්ද නිසාය කියන මතය ජනතාවගේ හිතේ මුල් බැසගෙන තිබූ නිසාය. ඒත් ඔවුන් ෆොන්සේකාගේ කාර්යභාරය අමතක කළේ නැත. ඔවුන් හිතුවේ ෆොන්සේකා නොමග ගිහින් කියාය.

මෙය වටහා නොගෙන මහින්ද තමන් විසින් පරාජය කළ ෆොන්සේකාව හිරේට දමන්න ෆොන්සේකාට එරෙහිව බොරු චෝදනා එල්ල කළේය.

මහින්ද 2005 බලයට එන්නේ දේශප්‍රේමියෙක් ලෙසය. ඔහුගේ සටන් පාඨය දේශප්‍රේමයය. ඔහු ඒ සටන් පාඨය යථාර්ථයක් බවට පත්කොට යුද්ධය දිනා, රට බෙදන්නේ දේශද්‍රෝහීන් බව කියා සිටියේය. ඔහු කියන්නේ ඔහුත් එක්ක ඉන්නේ දේශප්‍රේමීන් බවත්, විපක්ෂයේ ඉන්නේ දේශද්‍රෝහීන් බවත්ය.

ෆොන්සේකා ඔහුට එරෙහිව ජනාධිපතිවරණයට තරග කළාට මිනිස්සු ෆොන්සේකාව දේශද්‍රෝහියෙක් ලෙස පිළිගත්තේ නැත. විපක්ෂයට දේශද්‍රෝහී ලේබලය ඇලවීම මිනිස්සු පිළිගත්හ. හේතුව විපක්ෂය යුද්ධයට එරෙහිව සිටි නිසාය. ඒත් යුද්ධය දිනන්න විශාල කාර්යභාරයක් කළ ෆොන්සේකා දේශද්‍රෝහියෙක් කොට හිරේ දැමීම මිනිස්සු අනුමත කළේ නැත.

මහින්දගේ දේශපාලන කන්‍යාභාවය මහින්ද නැති කරගත්තේ එතැනින්ය. මහින්ද සිය දේශපාලන ප්‍රතිරූපය හදාගත්තේ දේශප්‍රේමයෙන්ය. ඒ දේශප්‍රේමී කඳවුරේ වීරයකු වූ ෆොන්සේකාව හිරේ දැමීම මිනිස්සු අනුමත කළේ නැත. මහින්ද දේශපාලන වශයෙන් නිර්වස්ත්‍ර වන්නේ එතැනදීය.

1994 චන්ද්‍රිකා 2005 මහින්ද වගේ ජවිපෙ 2024 බලයට එන්නේ හොරුන්ට එරෙහිවය. හොරුන්ට එරෙහි සටනේ ජවිපෙ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ සමගි ජන බලවේගයය. හේතුව ජවිපෙ මෙන් ඔවුන්ගේද ආණ්ඩුවක ජනාධිපති අගමැතිකම් කරපු කවුරුත් හිටියේ නැත. ඔවුන් පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබල ඇමැතිවරු එකතු කර ගනිද්දී ජවිපෙ කීවේ තමන් 73 වසරක ශාපයට හවුල් කිසිවෙක් එකතු කරගන්නේ නැතැයි කියාය. ඒ වගේම ඡන්ද වෙන්දේසි කරන සුළු ජාතික පක්ෂ එකතු කරගන්නේ නැති බවද කීවේය. මිනිස්සු ජවිපෙ මේ තියරියට වශී විය. එහෙට මෙහෙට පනින දේශපාලන රිළවුන් ජවිපෙ තුළ නැතැයි ජවිපෙ කියද්දී මිනිස්සු ප්‍රීතියෙන් පිනා ගියහ. තමන්ගේ දේශපාලනයේ ඩීල් නැතැයි ජවිපෙ කියද්දී මිනිස්සු විසිල් ගැසූහ. ඒත් 2025 පුංචි ඡන්දයට පසු ජවිපෙට බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ස්වාධීන කණ්ඩායම් පමණක් නොව, ජවිපෙ ඇන්ටිජන් හොරා කී දිලිත් ජයවීරගේ පක්ෂයේද සහාය ඉල්ලන්න පටන්ගෙන ඇත. ලාල්කාන්ත කියන්නේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න දේශපාලන ඩීල් දැමීමේ වරදක් නැත කියාය. ජවිපෙ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සාකච්ඡා කරන ස්වාධීන කණ්ඩායම් බොහොමයක් පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරුය.

‘ජවිපෙත් මහින්ද වගේ සැලුන් දොරක් ඇරියාද?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි චන්ද්‍රිකා සහ මහින්ද වගේ ජවිපෙ දේශපාලන කන්‍යාභාවය නැතිකර ගන්නේ ඔතැනින්ය. එහෙම වුණොත් 2024 ජවිපෙ පෙන්නපු ‘හොරුත් එක්ක බෑ’ කියන නාඩගම 2025 ‘හොරු නැතුව බෑ’ කියා වෙනස් කරන්න වෙනවා නියතය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළේ පෙරළියක්! ලොකු වගකීම්-ඇමැතිකම් වෙනස් වීම ස්ථිරයි! ‘මව්රට’ කලින්ම කියපු කතාව 100%ක් තහවුරුයි! I Sri Lanka Latest News

Next Post

වටකරගෙන ජැක්ලින්ට දුන් සෙල්ෆි කිස්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.