අද වන විට රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටින් බැහැරව සිටින බවත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන චමල් රාජපක්ෂ මහතාද කොරෝනා ආසාදිතව රෝගාතුරව සිටින බවත්, රටේ ආරක්ෂාව බාරව ඇත්තේ කා හටද කියා බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අනෙක් සියලුම ක්ෂේත්‍ර මෙන් රටද අයාලේ යමින් පවතින බවකි.
ඉකුත් පාස්කු ප්‍රහාරය සිදුවූයේද ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක බවත්, ඒ මොහොතේද රටේ ආරක්ෂාව කිසිවකුට බාරදී ගොස් නොතිබුණු බවත් මන්ත්‍රීවරයා කීය.
එමනිසා රාජ්‍ය නායකයා රටින් පිටවන මොහොතකදී රටේ ආරක්ෂාව වගකිව යුතු පුද්ගලයකුට බාරදිය යුතු බවට ජනපති විමර්ශන කොමිසමෙන් නිර්දේශයක් පවා ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.










