හෙට දිනයේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබුණද, හෙට ද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව එම සමාගම දැනුම් දී තිබේ.
ලිට්‍රෝ සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, නැවත ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ ලබන සතියේ සිට යි.
එමෙන්ම නුදුරේදීම ගෑස් මිල ඉහළ යා හැකි බවද වාර්තා වේ.










