ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බව දැනගන්නට ඇත.
කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු 7.50වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු 37.50කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබන බව පැවසේ.
ඉටිපන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටී.
ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නො කරන නිසා වෙළෙඳපොළේ ඉටි හිඟයක් පවතින බවද වෙළෙඳුන් කියා සිටිති.










