කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රිය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් ඊයේ (06) ස්ථාපිත කෙරුණි.Sri Lanka Latest News
ඒ මෙරටට පැමිණෙන සහ රටින් පලායන අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහායි.
මෑත කාලයේ ඝාතන සිදුකළ අපරාධකරුවන් 42 කු මේ වන විට රටින් පළා ගොස් ඇතැයි, පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, නව පද්ධතිය පිහිටුවීමත් සමග එවැනි අපරාධකරුවන් හඳුනාගෙන ගුවන්තොටුපළේදීම අත් අඩංගුවට ගැනීමට හැකි වන බවයි.










