නොවැම්බර් 15වනදාට පසුව සියලු සංවර්ධන ව්‍යාපෘති ඇණහිටිනු ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිමෙන්ති හිගවීම ඊට හේතුව බව ඇමතිවරයා පෙන්වා දෙයි.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා බව ප්‍රකාශ කළේය.
දැනට රටතුළ තිබෙන්නේ සමස්ත සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65% ක් පමණක් බවත් ඉදිරි සති දෙක තුළ එම සිමෙන්ති තොග ද අවසන් වන බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ අලුතින් සිමෙන්ති ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම බරපතළ අර්බුදයක් බවයි.










