යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි ප්‍රදේශයේ නිවසකට පෙරේදා (24) රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පොලීසිය පවසයි.
අරාලි උතුර ප්‍රදේශයෙ නිවසකට රාත්‍රියේ යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණය කොට ගෙන ඇතුලු වූ පිරිස් විසින් නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට ගිනි තබා නිවසේ දේපල රැසකටද හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.
කෙසේ වෙතත් අදාල පහරදීමෙන් නිවැසියන්ට හානියක් සිදුව නොමැති අතර පහරදීමට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවටත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි සැක පලකරන බවටත් පරික්ෂණ සිදුකරන වඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරුටත් පැවසීය.










