තායිලන්තයේ නව රජය බදාදා දිනයේදී ඩීසල් බදු අඩු කිරීම, චීන සංචාරකයින් සඳහා වීසා රහිත රටට ඇතුළුවීමේ වැඩසටහනක් සහ ගොවීන් සඳහා ණය ගෙවීම් අත්හිටුවීම ඇතුළු ආර්ථිකය නංවාලීමේ අරමුණින් දැවැන්ත පියවර කිහිපයක් ගැනීමට තීන්දු කර තිබිණ.Sri Lanka Latest News
පසුගිය මාසයේ බලයට පත් වූ නව අගමැති ශ්‍රෙත්තා තාවිසින් මහතා විසින් තායිලන්ත ආර්ථිකය ඉහළ නංවාලීමේ අරමුණින් යුතුව මෙම තීන්දු ගෙන තිබේ.
රජය විසින් ඩීසල් බද්ද ලීටරයකට බාත් 2.50කින් (ඩොලර් 0.07) කපා හැර ඇති අතර, එමඟින් සැප්තැම්බර් 20 සිට වසර අවසානය දක්වා ඩීසල් මිල ලීටරයකට බාත් 30 ට වඩා අඩු වනු ඇති අතර විදුලි බිලද අඩු කරනු ඇති බව අගමැති ශ්‍රේත්තා සහ නිලධාරීන් මාධ්‍යයට පවසා ඇත.
එමෙන්ම සැප්තැම්බර් 25 සිට පෙබරවාරි අවසානය දක්වා චීනයෙන් සහ කසකස්තානයේ සිට පැමිණෙන සංචාරකයන්ට වීසා රහිතව රටට ඇතුළුවීමට රජය අවසර දී තිබේ.
අගමැතිවරයාගේ ඉලක්කය වී ඇත්තේ 2023 වසරේ මිලියන 28ක සංචාරකයන්ගේ පැමිණීමකි. එමෙන්ම 2024 වසරේ මිලියන 40ක සංචාරක ඉලක්කයකි.
අගමැතිවරයා පැවසුවේ, ඔවුන් සූදානම් බව සහතික කිරීම සඳහා ආරක්ෂාව ඇතුළු සියලුම අංශ සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.
ලංකාවද මේ වන විට ආර්ථික අර්බූදයක ගිලී සිටින අතර සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇති බව ප්‍රකාශ කොට ඇත.
නමුත් ලංකාවේ ආණ්ඩුව මේ වනවිට ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ නංවා ඇති අතර විදුලි මිල ගණන්ද ඉහළ නංවා තිබීම විශේෂ සිදුවීමකි.