දකුණු ආසියානු දේශපාලන සිතියම දෙස බලන විට ශ්‍රී ලංකාව සහ නේපාලය කියන්නේ භූගෝලීය වශයෙන් වෙනස් වුණත්, එකම ආකාරයේ දේශපාලන කුණාටුවකට මැදිවුණු රටවල් දෙකක්. ලංකාවේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයත්, නේපාලයේ බාලේන්ද්‍ර ෂා නායකත්වය දෙන රාෂ්ටි්‍රය ස්වතන්ත්‍ර පක්ෂය ලබාගත් පෙරළිකාර ජයග්‍රහණයත් දෙස බලන විට පෙනීයන්නේ මේ රටවල් දෙකේම ජනතාව පද්ධතිමය වෙනසක් ඉල්ලා සිටි ආකාරය අතිශය සමාන බවයි. මේ ජයග්‍රහණ දෙකම නිකම්ම ලැබුණු ඒවා නොව දශක ගණනාවක පීඩනය පුපුරා යාමක ප්‍රතිඵලයක්.Sri Lanka Latest News
ලංකාවේ 2022 වසරේ ඇති වූ ජනතා අරගලය මාලිමාවේ ජයග්‍රහණයට පදනම දැමූ බව රහසක් නොවේ. මහපාරේ පෝලිම්වල හෙම්බත් වූ ජනතාව එදා ඉල්ලා සිටියේ දූෂිත දේශපාලන සංස්කෘතියේ අවසානයයි. නේපාලයේ තත්ත්වය ද මීට නොදෙවැනි විය. දශක දෙකකට ආසන්න කාලයක් එරට ප්‍රධාන පක්ෂ තුනක් (කොංග්‍රස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ මාඕවාදීන්) බලය මාරු කරමින් රට අගාධයකට ඇද දැමූ ආකාරය නේපාල තරුණ පරපුරට තදින්ම දැනෙන්නට විය. ලංකාවේ වගේම නේපාලයේ ද විදේශ රැකියා සඳහා තරුණයන් රට හැරයාම ප්‍රධාන ප්‍රශ්නයක් වූ අතර, පවතින දේශපාලන ක්‍රමය තුළ තමන්ට අනාගතයක් නැති බව ඔවුන් තේරුම් ගත්තේය. මාලිමාව ‘හොරු අල්ලන’ සටන් පාඨය ගෙන එන විට, නේපාලයේ රවි ලමිච්චානේ සිය පක්ෂය හරහා කියා සිටියේ ද ‘දශක තුනක අසමත් පාලනයට තිත තැබිය යුතු’ බවයි.
බාලේන්ද්‍ර ෂා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ රවි ලමිච්චානේ නායකත්වය දරන රාජකීය ස්වතන්ත්‍ර පක්ෂයෙනි. නේපාලයේ රවි ලමිච්චානේ යනු ලංකාවේ අනුර කුමාර දිසානායක මහතා මෙන්ම අතිශය ආකර්ෂණීය සහ වේගවත් කථිකත්වය හිමි නායකයෙකි. රවි ලමිච්චානේ දේශපාලනයට එන්නේ ජනප්‍රිය රූපවාහිනී මාධ්‍යවේදියකු ලෙසිනි. ඔහුගේ ලසීධා කුරා ජනතා සංගල (ජනතාව සමග ඍජු කතාව) වැඩසටහන හරහා ඔහු කළේ දූෂිත නිලධාරීන් සහ දේශපාලකයන් සජීවීව ප්‍රශ්න කිරීමයි. මෙය ලංකාවේ මාලිමාව වටා වෘත්තිකයන් සහ තරුණ පිරිස් එක්වීමට සමාන ජනප්‍රියත්වයක් ඔහුට ගෙන දුන්නේය. 2022 වසරේ ඔහු ආර්.එස්.පී. පක්ෂය පිහිටුවා මැතිවරණයට ඉදිරිපත් වනවිට එයට වයස මාස 6ක්වත් නොවීය. එහෙත් ලංකාවේ මාලිමාව මැතිවරණ වේදිකාවේදී පෙන්නුම් කළ එම ‘ගැම්ම’ සහ ‘රැල්ල’ ඒ ආකාරයෙන්ම නේපාලයේ ද දැකගත හැකි විය. ඔවුන්ගේ ලකුණ වූ ‘සීනුව’ නේපාලයේ සෑම කොනකටම ඇසුණේ සාම්ප්‍රදායික දේශපාලනයට මරණ සීනුව නාද කරමිනි.
මේ පක්ෂ දෙකේම තවත් විශේෂ සමානකමක් වන්නේ තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතයයි. ලංකාවේ මාලිමාව සිය ප්‍රචාරක යාන්ත්‍රණය සාම්ප්‍රදායික පුවත්පත්වලින් එහාට ගෙන ගොස් ෆේස්බුක් සහ ටික්ටොක් හරහා තරුණ පරපුරට සමීප කළා සේම, නේපාලයේ ආර්.එස්.පී. පක්ෂය ද තරුණ ඡන්ද පදනම දිනාගත්තේ ඩිජිටල් අවකාශය හරහාය. නේපාලයේ මෙන්ම ලංකාවේ ද විදේශගත ශ්‍රමිකයන් මේ පක්ෂ දෙකේම ප්‍රධාන මූල්‍ය සහ ප්‍රචාරක ශක්තිය බවට පත්වීම සුවිශේෂ කරුණකි. රවි ලමිච්චානේගේ පක්ෂය මැතිවරණයේදී කිසිදු පවුල් පසුබිමක් නැති, විවිධ වෘත්තිකයන් ඉදිරිපත් කළ අතර ඔවුන් දේශපාලන පවුල්වල ප්‍රබලයන්ව පරාජය කළේය. එය හරියටම ලංකාවේ මාලිමාව දශක ගණනාවක් මුල් බැසගත් ප්‍රභූ දේශපාලනය අවසන් කළා හා සමානය.
කෙසේ වෙතත්, මේ ගමන රෝස මල් ඇතිරූ එකක් නොවීය. ලංකාවේ මාලිමාවට විවිධ මඩ ප්‍රචාර සහ අභියෝග එල්ල වූවා සේම, රවි ලමිච්චානේට ද නේපාලයේ ප්‍රබල දේශපාලන පක්ෂවලින් දැඩි ප්‍රහාර එල්ල විය. ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීමට පවා උත්සාහයන් දරන ලදී. එහෙත් ලංකාවේ ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය අභියෝග හමුවේ නොසැලී පැවතුණා සේම, නේපාල ජනතාව ද සිය අලුත් නායකයා වටා රොක්වූහ. අද වන විට රවි ලමිච්චානේ නේපාලයේ නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් පද්ධතිය ඇතුළේ සිට විශාල වෙනසක් සිදුකරමින් සිටී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල දූෂණය වැළැක්වීමට සහ ජනතාවට කඩිනම් සේවාවන් සැපයීමට ඔහු ගන්නා උත්සාහයන් ලංකාවේ අලුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට අතිශය සමාන වේ.
අවසාන වශයෙන්, ලංකාව සහ නේපාලය යන රටවල් දෙකම ලෝකයට කියා දෙන්නේ දකුණු ආසියාවේ ‘පවුල්වාදී සහ දූෂිත දේශපාලන යුගය’ අවසන් වෙමින් පවතින බවයි. ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ට වගකියන, උගත් සහ අවංක නායකත්වයකි. මාලිමාව ලංකාවේදී සිදු කළේත්, ආර්.එස්.පී. පක්ෂය නේපාලයේදී සිදුකරමින් සිටින්නේත් ඒ ජනතා අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමයි. මේ රටවල් දෙකේම අත්දැකීම්වලින් පෙනීයන්නේ ජනතාව එක්වී හරි පාර තෝරාගතහොත්, කොතරම් ප්‍රබල පවුල් පාලනයක් වුව ද කෙටි කලකින් පරාජය කර අලුත් රටක් ගොඩනැගීමට හැකි බවයි.
එස්.එම්. පතිනායක










