වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා මෙන්ම හෙද සේවා එක්බද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය.










