සංචාරක බලප්‍රදේශයක් වන මීගමුවේ විශාල ගැටලු රාශියක් පවතින බවත් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ රටේ බංකොලොත් භාවය නිසා එහි සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් ඔවුන්ගේ ණය පොලී මේ වන විට වැඩි වී ඇති හෙයින් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමට පවා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
මීගමුව සංචාරක සංගමය පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී මේ බව පැවසීමෙන් අනතුරුව එම ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මේ ගැටලු විශාල ලෙස පවතින බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු සාධනීය විසදුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජයේ මැදිහත් වීමෙන් පොලි සහන ලබා දී බංකොලොත් රට තුළ පරාටේ නිතිය ක්‍රියාත්මක වීම වහාම නතර කරන ලෙස ද ඉල්ලා සිටියේය.










