• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

නන්දසේන-නන්දලාල් සහ නන්දා මාලනී (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 17, 2022
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
නන්දසේන-නන්දලාල් සහ නන්දා මාලනී (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2020 ජුනි මාසයේ ගෝඨාභය මහ බැංකුවේ නිලධාරීන් කැඳවා මහ හයියෙන් බැණවැදුණේය. ඔහු බැණවැදුණේ වෙන කාටවත් නොව, මහ බැංකුවේ එවක නියෝජ්‍ය අධිපති නොහොත් වත්මන් අධිපති නන්දලාල් වීරසිංහටය. ඒ වෙනකොටත් නන්දලාල් වීරසිංහව දෙවරක් පමණ රහස් පොලිසියට කැඳවා ඊ.ටී.අයි. ගනුදෙනුවේ දූෂණ ගැන ප්‍රශ්න කර තිබිණි. කලකිරීමට පත් නන්දලාල් ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය. ඒ වෙලාවේ නන්දලාල් කීවේ ජනාධිපතිතුමා නිවැරැදි අවබෝධයකින් තොරව මහ බැංකුවට දෝෂාරෝපණය කළ බවය. එසේම තමා ඊ.ටී.අයි. ගනුදනුව භාරව නොසිටියත් තමාව දෙවරක් රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කළ බවත් ඔහු කීවේ දැඩි වේදනාවකිනි. මේ සම්මුඛ සාකච්ඡාවට පසු නන්ලාල් විශ්‍රාම යන දිනයටත් පෙර මාස තුනක් නිවාඩු දමා යන්න ගියේය. ඔහුගේ දියණිය මුහුණු පොතේ සටහනක් තබමින් කීවේ තම පියාට දේශපාලන බලපෑම්වලට යටත් නොවීමේ වන්දිය ගෙවන්න සිදුවී ඇති බවය. එසේම ඇය ලියා තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක බලයට ආ විට ඔවුන්ට ගැතිකම් කළ බවට පක්ෂ දෙකම ඔහුට නිකරුණේ චෝදනා කරන බවය.

නන්දලාල්ගේ දුව කිව්ව ඒ කතාව නම් ඇත්තය. 2005-2015 මහින්දගේ ආණ්ඩු කාලයේ මහ බැංකුවේ නන්දලාල් ප්‍රකටව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගෝලයකු ලෙසය. නන්දලාල් නියෝජ්‍ය අධිපති ලෙස පත්කරන්නේත් නිවාඩ් කබ්රාල්ය. ලංකාවේ බැඳුම්කර වංචා පටන් ගන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ බව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයන්න පත් කළ ජනාධිපති කොමිසම ප්‍රකාශයට පත්කොට තිබිණි. අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ බැඳුම්කර දූෂණ වන විට නන්දලාල්වත් මහ බැංකුවේ කිසිදු නිලධාරියෙක්වත් ඒ ගැන කට හෙල්ලුවේ නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුව බලයට ආ විට නිවාඩ් කබ්රාල් ඉවත් වී අර්ජුන් මහේන්ද්‍රන් පත් වූ පසු නන්දලාල්, අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සේවය කළේය. මහේන්ද්‍රන්ගේ කාලයේ බැඳුම්කර වංචාව එළියට දමන්න එවක ජනාධිපති මෛත්‍රිපාල කොමිසමක් පත් කළ විට නන්දලාල්ලා කට ඇරියේය. ඔහු බැඳුම්කර වංචාව ගැන ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන්නේය. ඒත් ජනාධිපති කොමිසම නිර්දේශ කළේ නන්දලාල්ද බැඳුම්කර වංචා සම්බන්ධයෙන් වගකිව යුතු බවය. කොමිසම කීවේ ඔහු දූෂණයක් කර ඇති බව නොවේ. ඒ වංචාවන් සිදුවන විට ඔහු එයට එරෙහි නොවීම ගැනය. ජනාධිපති කොමිසමේ මේ නිර්දේශ මත අර්ජුන් ඇලෝෂියස්, නන්දලාල්ව අත්අඩංගුවට ගන්න කියා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේ කොමිසමේ වාර්තාව, වංචාවන්ට නන්දලාල්ද වගකිව යුතු බව හෙළිදරව් කර ඇති බව පවසමින්ය.

අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කොට මෛත්‍රිපාල මහ බැංකු අධිපති ධුරයට පත් කරන්න තීරණය කළේ නන්දලාල්වය. නමුත් එවක අගමැති රනිල් එයට එරෙහි වූයේ නන්දලාල්, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගෝලයකු බව පවසමින්ය. මෛත්‍රිට, නන්දලාල්ව මහ බැංකු අධිපති ධුරයට පත් කරගන්න බැරි වුණත් නන්දලාල්, මෛත්‍රි පත්කළ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සමග සමීපව වැඩ කළේය. නන්දලාල්, කුමාරස්වාමි සමග පමණක් නොව එවක මුදල් ඇමැති මංගල සමගද සමීපව වැඩ කළේය. එකල මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ආර්ථිකය භාර රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමගද ඔහු කිට්ටුවෙන් වැඩ කළේය. ගෝඨාභය 2019 ජනාධිපතිවරණය දින්න විට නන්දලාල් මහ බැංකු අධිපති කරයි කියා මහ බැංකුවේ බොහෝ නිලධාරීන් බලා සිටියත් ගෝඨා එය නොකළේ ඔහු මංගල, එරාන්, හර්ෂලාගේ හිතවතෙක් කියලාය. ගෝඨාභය මහාචාර්ය ලක්ෂ්මන්ව මහ බැංකු අධිපති ධුරයට පත් කර, නන්දලාල්ද ඇතුළු මහ බැංකු නිලධාරීන් ගෙන්වා වැඩ කරන්නේ නැහැ කියා බැණවැදුණේ නන්දලාල් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට ක්‍රියා කරන බවට ගෝඨා විශ්වාස කළ නිසාය. ගෝඨා ඒ කතා විශ්වාස කළේ අජිත් නිවාඩ් කබ්රාල් ඒ කතා ගෝඨාට කී නිසාය. ගෝඨා, නන්දලාල්ද ඇතුළු මහ බැංකු නිලධාරීන් ගෙන්වා බැණවැදුණාට පසු නිවාඩ් කබ්රාල් ගෝඨාගේ බැණවැදීම සාධාරණීකරණය කළේ ඔහු නන්දලාල් සමග වෛර පිරිමහපු නිසාය. තමාගේ යටතේ තමාට විශ්වාසවන්තව වැඩ කළ නන්දලාල් මෛත්‍රි-රනිල් ආණ්ඩුව යටතේ කුමාරස්වාමිට හිතෛෂීව වැඩ කිරීම නිවාඩ් කබ්රාල් ඉවසුවේ නැත. අවසානයේ රහස් පොලිසිය ගානේ රස්තියාදු වූ නන්දලාල් විශ්‍රාම යන්නට කලින් ගෙදර යන්න තීරණය කළේය. ඔහු ඉවත් වූ විට හිටපු මුදල් ඇමැති මංගල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ නන්දලාල්ට ඉවත් වන ලෙසට ආණ්ඩුව බලපෑම් කරන බවත්, ඔහුගේ සේවය රටට අත්‍යාවශ්‍යම මොහොතේ ඔහු ඉවත් කිරීම ආර්ථික ඝාතකයාගේ කුමන්ත්‍රණයක් බවයි. ආර්ථික ඝාතකයා යැයි මංගල කීවේ පී.බී. ජයසුන්දරටය. නිවාඩ් පමණක් නොව, පී.බී.ද, රාජපක්ෂ පවුලද නන්දලාල්ව දැක්කේ යහපාලන අවතාරයක් ලෙසය.

‘පල නොකියා පලා බෙදා නන්දලාල්ව ගෝඨා යළි ගෙන්වා ගත්තේ ඇයි…?’

‘ගෝඨාගෙන් කාපු පරිප්පුව මතක තියාගෙන නන්දලාල් මහ බැංකු අධිපතිකම භාරගන්න ආවේ ඇයි…?’

ගෝඨා දැන් තමන්ට අත්වැරැද්දක් වුණා කියනු ඇත. නන්දලාල් තමා රට වෙනුවෙන් ආවා යැයි කියනු ඇත. මේ මොකක් වුණත් නන්දලාල්ට ගෝඨා යටතේත්, ගෝඨාට නන්දලාල් එක්කත් වැඩ කිරීම ලෙහෙසි නැත. ගෝඨා සැණෙකින් වෙනස් වන අයෙකි. ගෝඨා, නිවාඩ් කබ්රාල්ට ඉවත් වෙන්න කියා ඇති බව මාධ්‍ය වාර්තා කළ විට ගෝඨා නිවේදනයක් නිකුත් කරමින් කීවේ එය අසත්‍යයක් බවත්, නිවාඩ් කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය පවතින බවත්ය. එහෙම කියල සතියෙන් නිවාඩ්ව ගෙදර යවල ගෝඨා, නන්දලාල්ව ගෙන්වා ගත්තේය. ඒ, නිවාඩ් එක්ක වැඩ කරන්න මූල්‍ය අරමුදල අකැමැති වූ නිසාය.

නන්දලාල්ගේ දුව කිව්වැහේ නන්දලාල්ලා බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට සේවය කරන්න පුරුදු පුහුණු වූවන්ය. ඕකට සිංහල භාෂාවෙන් කියන්නේ වැල යන අතට මැස්ස ගහනවා කියාය. නැත්නම් දුන්න වදයට නන්දලාල්ට යළි නන්දසේනට සර් කීමට බැරිය. නන්දලාල්ලා යළි ‘යර්ස් සර්’ කියාගෙන මහ බැංකු අධිපති ධුරය භාරගනිද්දී නන්දා මාලනීලා ‘සර් ෆේල්’ ‘ගෝ හෝම්’ කියන්න ගෝල්ෆේස් ගමට ඒම අමුතු කතාවකි. හයෙන් පහක බලයකින් ගැහැනියෙක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කළ හැකි යැයි කියාගෙන 1977 බලයට ආ ජේ.ආර්.ගේ ආණ්ඩුවට බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ගිය විට නන්දා මාලනී බය නැතිව එයට එරෙහි පෙත්සමයට අස්සන් කළාය. 1988 භීෂණය මැද ඇය තරුණ තරුණියන් වෙනුවෙන් කැරැලි ගී ගැයුවාය.

වසර 17කට පසු ශ්‍රීලනිපය 1994 බලයට එන්නේ මැතිවරණ වේදිකාවල ඇගේ ‘පවන’ ගී ප්‍රචාරය කරලාය. මහින්දද ඇතුළු අද මැති ඇමැතිවරු බොහොමයක් ඇගේ පවන ගී රැල්ලේ දේශපාලනය කළ අයය. නන්දා මාලනී ගෝල්ෆේස්හි ‘ගෝඨා ගෝ ගමට’ ඇවිත් මහින්ද ඇතුළු මැති ඇමැතිවරුන්ට ඒ වග මතක් කර දුන්නා වගේය. ‘ගෝ ගෝඨා’ හඬ යටපත් කරන්න නන්දසේනලා, නන්දලාල්ලාව ඔස්ටේ්‍රලියාවෙන් ආනයනය කළාට, නන්දා මාලනීලාගේ හඬට කෝටි ගණනක් හඬවල් අවදි වන බව නම් නිසැකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අර්බූදය විසඳන්න ජනපති යෝජනා 3ක් ඉදිරිපත් කරයි! ඇමැතිවරු 2කට විරුද්ධ වෙයි! අවසන් තීන්දුව ජනපතිටම පවරයි! EXCLUSIVE

Next Post

බැසිල් ඇමෙරිකා පැන්නා කියපු ජෙට් එකෙන් ආ බිලියනපතියා හෙළිවෙයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.