• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘87-90 ජවිපෙන් කළ සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු’ – කැරැල්ලෙන් පස්සේ එළියට ආපු ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන භයානක අභියෝගයකට සූදානම් වෙයි! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
‘87-90 ජවිපෙන් කළ සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු’ – කැරැල්ලෙන් පස්සේ එළියට ආපු ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන භයානක අභියෝගයකට සූදානම් වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘87-90 ජවිපෙන් කළ සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු…’
මේ, පසුගිය 11 වැනිදා ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම 1999 ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ නන්දන ගුණතිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ ආන්දෝලනාත්මක සටහනකි. 88-89 කැරැල්ලේ ඉදිරිපෙළ සාමාජිකයකු ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක එම කැරැල්ලේ රහස් රැසක් දන්නා ජීවමාන සාක්ෂිවලින් එකකි. ඒ අනුව නන්දන ගුණතිලක තබා තිබූ සටහනට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබූ අතර, ඊට නන්දන ගුණතිලක ලබාදී තිබූ පිළිතුරුවලින් ජවිපෙ ඉතිහාසයත්, මෙතෙක් හෙළි නොවුණු තොරතුරු පවා අනාවරණ වූ ආකාරයක් දැකගත හැකි විය. Sri Lanka Latest News

පහත පළවන්නේ ඉන් උපුටාගත් කොටස් කිහිපයකි.

කෙසේ වෙතත් 2000-2010 සමයේ ජවිපෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ නන්දන ගුණතිලක පසුව එජාපයට එක්වී පානදුර නගරාධිපතිවරයා බවටද පත්විය.

Nandana Gunathilaka
මට එරෙහිව ලියා ඇති සියලු දෙනාට.

  1. සාධාරණ මිනීමැරුම් මොනවාද…?
    සාධාරණ නොවන මිනීමැරුම් මොනවාද..? මිනීමැරුම් සාධාරණ යැයි ඔබ කියන්නේ කවර කාරණයකට / කාරණාවලට සාපේක්ෂවද…?
  2. 2010 දී, 1989න් පසුව පළමු වතාවට, ජවිපෙ, රනිල් වික්‍රමසිංහ සමග එක්ව, ත්‍රිකුණාමලයේදී ජවිපෙ සාමාජිකයන් සමූලඝාතනය කළ ෆොන්සේකාව ජනාධිපති බවට පත්කරන්නට උත්සාහ කළ බව ඔබට මතකද…?

පිළිතුර :
Priyantha Manjula Lekamalage
සරත් ෆොන්සේකා කන්තලේදි කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්ත කතාව ඇත්තක්ද?
Nandana Gunathilaka
ඔව්, එහෙ සන්නද්ධ නායකය වුණු එයාව ඉතුරු කරලා, එයාට පහළින් හිටපු ඔක්කොම මැරුවා.
Nandana Gunathilaka
නොදන්න රෙද්දවල් නොකියා ඉන්නවද..?
ඔහේට ඕනෙනං 1994 ඉඳල ජවිපෙ දේශපාලන මණ්ඩලේ හිටපු දැන් එළියෙ ඉන්න 7 දෙනාගෙන් අහල බලනව අපිව යැව්වද..? අපි ගියාද..? කියලා.
ඒ කෙබරම තමයි අදත් රටේ මිනිස්සුන්ට කටේ තොලේ නොගෑවී කියන්නෙ..
Nandana Gunathilaka
ඔව්, හැංගිලා නෙවෙයි කෙළින්, 2015 දී යූ.එන්.එෆ්. එකෙන් ඡන්දෙට ඉදිරිපත් වුණේ.
ඔහේගෙ නායකයො 1989 බටලන්දට දේශපාලන නායකත්වය දීපු රනිල්වයි රට පුරා වධ කඳවුරුවලට නායකත්වය දුන්න යූ.එන්.පී. නායකයන්වයි බදාගත්තෙ 2010 දී.
ඔහේ දන්නවද ඔය අනුර මාත් එක්කයි රනිල්, මෛත්‍රී එක්කයි ජාතික විධායක සභාවෙ 16 දෙනා අතර 2015 දී වාඩිවුණු බව?
බොරුවට ඝාතන සාධාරණීකරණය කරන්න එන්න එපා.
රාජ්‍ය බලය ගන්න මැරුවත් මැරුවා…
රාජ්‍ය බලය රැකගන්න මැරුවත් මැරුවා…
දයා පතිරණ, විජය කුමාරණතුංග, ස්ටැන්ලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි එදා අපි අවි දරපු ජ.වි.පෙ.න් කළ ඝාතන මොකකට සාපේක්ෂවද සාධාරණ..?

Kaushika Priyantha Ediriweera
මොකට සාපේක්ෂවද සාධාරණ කියල ඒ කාලෙ දේශපාලන මණ්ඩලවලින් ආරක්ෂක කමිටුවලින් තමා අහන්න වෙන්නෙ. අපි කතා කරන්නෙ ගමේ දේශපාලනේ කරල වධකාගාරවල අනන්ත දුක් වින්ද සහෝදර සහෝදරියො ගැන. අනුර ඩීල් දාල එකට ලැගල පක්ෂෙ බලයට ගෙනාව. ඔයාල මොනවද කළේ ඹභඡ එකෙන් ඡන්දෙත් ඉල්ලල. දැනුත් එළි කරන්නෙ ඹභඡ එකේ රහස් නෙවෙයි. තමනුත් නියෝජනය කරපු ජ.වි.පෙ රහස්.
Nandana Gunathilaka
ඔයා දන්න රෙද්ද. පිල්ලෙයාන්ගෙන් අහන්න 1994 න් පස්සෙ ආයුධ කතා.
Nandana Gunathilaka
නොදන්න මඟුල් කියන්න එපා, අපි පක්ෂයක් විදිහට එදා ඒ තීරණය අරගෙන පක්ෂ නායකය විදිහට සෝමවංශ සහෝදරය කළුතර රැලියෙදි ජාතියෙන් සමාව ගත්තා.

    Nandana Gunathilaka
    එතකොට රටපුරා ජ.වි.පෙ. සාමාජිකයො සමූල ඝාතනය කරන්න නායකත්වය දුන් යූ.එන්.පී. නායකයො එක්ක 1989න් පස්සෙ හවුල් වෙන්න තරම් රාජපක්ෂල ජනතා ද්‍රෝහී වුණාද..?
    Kaushika Priyantha Ediriweera
    ඔයා තමයි දන්නෙ ඒක නම්. ඹභඡ එකෙන් ඡන්දෙ ඉල්ලුවෙ ඔයානෙ.
    Nandana Gunathilaka
    ඔව්, හැංගිලා නෙවෙයි කෙළින්, 2015 දී යූ.එන්.එෆ්. එකෙන් ඡන්දෙට ඉදිරිපත් වුණේ.
    ඔහේගේ නායකයො 1989 බටලන්දට දේශපාලන නායකත්වය දීපු රනිල්වයි රට පුරා වධ කඳවුරුවලට නායකත්වය දුන්න යූ.එන්.පී. නායකයන්වයි බදාගත්තෙ 2010 දී.
    Nandana Gunathilaka
    නෑ, අපි එතකොට (87 – 89) මධ්‍යම කාරකසභාවෙවත් හිටියෙ නෑ, 90න් පස්සෙ මා තුළ ඒ ස්වයං විවේචනය තිබුණා, පක්ෂය තුළ මේ බරින් තිබුණේ නෑ.
    අපි පක්ෂයේ වගකීම ගත්තට පස්සෙ, (90න් පස්සෙ) සිද්ධියෙන් සිද්ධිය නොගෙන, ක්‍රියාමාර්ගයෙන් ක්‍රියාමාර්ගය නොගෙන, පොදුවේ රට ඉස්සරහ, ජාතියෙන් සමාව ඉල්ලුවා, සෝමවංශ සහෝදරය නායකයා විදිහට.
    ඒ යුද්ධය කොතරම් න්‍යායිකව සහ ප්‍රායෝගිකව වැරදි වුණත්, ඒ තුළ ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අදහන්නත් බැරි තරමේ වීරවරියන්, වීරවරුන් බිහිවුණා.
    ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ.

    Nandana Gunathilaka
    ඔයා දන්න රෙද්ද. පිල්ලෙයාන්ගෙන් අහන්න 1994 න් පස්සෙ ආයුධ කතා.
    Nandana Gunathilaka
    අනේ උඹලගෙ රහස්.
    විජිතගෙන් අහපං රහස් රැක්ක හැටි.
    උගෙන් යන්තං බේරුණ සහෝදරවරු තාම බණ්ඩාරවෙල අවට ඉන්නවා.

    Harendra Sajeewa Kuruppu
    සහෝදරයා, සමාවෙන්න ඔබතුමාට එලෙස ආමන්ත්‍රණය කිරීම ගැන. ඔබේ හදවත විවෘත කිරීම ගැන මගේ ප්‍රණාමය. මෙතැන තිබෙන ප්‍රශ්නය දැන් ඉන්න ජ.වි.පෙ. නායකයො කියන්නෙ එදා අවි දැරූ තමන්ගේ සහෝදර සහෝදරියන් පාවාදුන් බිල්ලන් මිස සැබෑ ජවිපාවුන් නොවෙන නිසා ඔවුන්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයක් වීමයි. ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකලාපය එයට හොඳම නිදසුනයි. ඔවුන් රඟදක්වන දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්ති මේ රටේ ජනතාව තේරුම් ගන්නා කාලය වැඩි ඈතක නොවෙන බව මගේ වැටහීමයි.
    Kaushika Priyantha Ediriweera
    ඉතින් උඹ ඇයි වැළලෙන්නෙ..? කොහෙද බන් ඔතන හෘද සාක්ෂිය ප්‍රශ්න කරල තියෙන්නෙ?නන්දනය මෙතනත් කරල තියෙන්නෙ ගෝනි බිල්ලෙක් වගේ පාවාදීමක්.
    Nandana Gunathilaka
    උඹලගෙ දේශපාලන මණ්ඩලේ ඉන්න කෙනෙක් ඒ කාලෙ බිඳුණුවැව කරපු පාවාදීමෙන් අංශුමාත්‍රික පාවාදීමක් බං.
    ඒක රටේ හොඳට.
    උඹල අනියමින් ඔය උදව් කරන්නෙ එල්.ටී.ටී.ඊ. එකට. එදත් යුද්ධෙට පිටුපාල අනියමින් එල්.ටී.ටී.ඊ. යට උදව් කළා. අද නියමින් උදව් කරනවා.
    Kaushika Priyantha Ediriweera
    ඔහොම තැනින් තැනින් ඇදගෙන රනිල් ගොඩදාන්න හදනවට වඩා හොඳයි නේද ඒ කාලෙ ක්‍රියාකාරීව හිටපු කෙනෙක් විදියට ආරක්ෂක කමිටු පිහිටෙව්වෙ මොකටද, ඒවගෙ තීන්දු තීරණ ගත්තෙ කොහොමද, අනතුරු හඳුනා ගත්තෙ කොහොමද, අනතුරු ඉවත් කරන්න උපක්‍රම තේරුවෙ කොහොමද, අනතුරු ඇඟවීම් කළේ කොහොමද, උපක්‍රම ක්‍රියාත්මක කළේ කොහොමද, පසුකාලීනව කමිටුවල පාලනය ගිලිහී ගියේ කොහොමද කියන කතන්දර හරියට පැහැදිලි කළා නම්. සන්නද්ධව හිටපු අය නිසා දන්නව ඇතිනෙ. 94න් පස්සෙත් සන්නද්ධව හිටිය නම් අවි පුහුණු දුන්න නම් ඒවත් කියන්න. එතකොට ඔක්කොම සම්පූර්ණයි.
    Nandana Gunathilaka
    ජේ.වී.පී. ඉතිහාසය ගැන උඹ මොනවද බං දන්නෙ පුංචො.. මොනවද බං උඹ ඔය කියන ‘ආරක්ෂක කමිටු’? උඹ මොනවද බං අඩු ගානෙ 2000 එහාට වෙච්ච දේවල් දන්නෙ? සල්බාර් එකක් ගෙනැත් තියාගෙන කෑල්ලෙන් කෑල්ල කපල හෝදන්න බලපං පුංචො, ඒත් බෑ….

    Supun Gomes
    ළඟම ඇති පොලීසියට ගිහින් බාරවුණා නම් ආණ්ඩුවට ලේසියි.
    Nandana Gunathilaka
    කෝ රෝහණ සහෝදරයට වෙඩිතියපු ‘තෝරදෙණිය’ සහෝදරයා? මම යන්නං, මට ඉස්සෙල්ල ඌව ගෙනාවනං…
    Edmond Peiris
    ජවිපෙ අවිදැරීමට පෙර රාජ්‍ය ත්‍රස්තයන් ජවිපෙට හා ජනයාට එරෙහි කළ මාරාන්තික ක්‍රියා හා අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කළ උන්ට පළමුව දඬඩුවම් කරනු. අතීතයේ ඔබම අපට උගන්වා ඇති පරිදිම.
    Nandana Gunathilaka
    මේ පවතින ‘ධනේශ්වර නීතිය’ ඉදිරියේ සියල්ලෝම සමානනෙ. නෙහ්…?
    Ajith Indika Dharmadasa
    හෘදය සාක්ෂිය සහ රබර් නොවූ කශේරුකාව.
    Jeewana Godahewa
    මෙච්චර කල් ඉඳල එකපාරටම මතක් වුණ එකනෙ වැඩේ කියන්නේ…
    Ajith Indika Dharmadasa
    එහෙම අතීතයක් අමතක කරපු හැටහුටහමාරක් අතර හරි උනත් වැරදි උනත් මතක්වීමම අගය කරන්නෝන.
    Nandana Gunathilaka
    මතක් වුණා නෙවෙයි, අමාරුවෙන් හරි මතක් කරවන්න වුණා.
    එල්.ටී.ටී.ඊ. එකට මල්ටි බැරල්වලින් ගහනකොට, 2009දී කම්පා වුණු එවුන් දැන් අනියමින් එල්.ටී.ටී.ඊ. එකට පක්ෂපාතී ඩයස්පෝරා එකේ කණ්ඩායම ආයෙත් යුද අපරාධ කතාවට අල් ජසීරා හරහා පාර කපාගන්න හදනකොට, ඒක නොතේරෙන තොත්ත බබාලට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා හරි කියන්න වෙනව.
    දැන් කාලා වරෙල්ලා…
    මට හිරේ මැරෙන එක මහ දෙයක් නෙවෙයි. රටට අනතුරක් වෙන්න දෙන්නේ නෑ…
    Jeewana Godahewa
    බටලන්ද කියන්නේ අපරාධයක් නෙවෙයිද?
    Nandana Gunathilaka
    බටලන්ද, එළියකන්ද, මීගස්වැව, කොරකෑව, යටාරෝ කැෆටේරියා, කොළඹ නීති පීඨය ආදී වශයෙන් රට පුරා තිබුණු වධකාගාර කියන්නෙ ලෝකෙ එතෙක් මෙතෙක් තිබුණු ම්ලේච්ඡම කුරිරුම වධකාගාර. ඒ කාලෙ අපේ පක්ෂය මිනීමරපු විදිහ අහල නැද්ද අන්‍ය දේශපාලනයක් කිරීමේ වරදට…?
    Chamee Zoysa
    ජේ.වී.පී. ආණ්ඩුවක් එනකම්ම හිටියේ ඇයි ඔවා එළියට දාන්න? කලින් ආණ්ඩුවල තනතුරු දරපු නිසාද? හොරු මිනිමරුවො රකින්න එපා සහෝදරයා.
    Nandana Gunathilaka
    මමද මේකට පාර කැපුවෙ?
    ඕගොල්ලන්ගෙ ඔය හරක් පට්ටියට කියන්න එල්.ටී.ටී.ඊ.යෙ අවශ්‍යතා උස්සනකොට ඒවා තව උස්සල දෙන්නෙ නැතුව ඉන්න කියලා.
    Pemarathna Welegedhara
    මේ වගේ මෝඩ පෝස්ට් දාන්න එපා අමනකම් තිබුණාට.
    Nandana Gunathilaka
    නුවණක්ක්කාර ඔහේ 90 – 94 අතර කොහේද හැංගිලා හිටියෙ…?
    බණ්ඩාර එස්. දිසානායක
    පොලිසියට බාර වෙන්න.
    Nandana Gunathilaka
    හා, හැබැයි හවුල්වුණු හැම කෙනාම එක්ක. ළදරුව…
    බණ්ඩාර එස්. දිසානායක
    එයාලට කතාකරලා බලන්න. ඔයත් එක්කනන් එකෙක්වත් එන්නෙ නෑ ෂුවර්…
    Ramya Hewage
    මල්ලි ඕක අවශ්‍ය සී.අයි.ඩී. එකට නේද? එහෙම වුණා නම් නේද හොඳ?
    Nandana Gunathilaka
    හෙළි කරන්න මං මරල නෑ.
    ඒත් පක්ෂයෙන් කළ සියලු ඝාතනවල වගකීම භාරගන්න තරමේ හොඳ පිට කොන්දක් මට තියෙනව. මාව අත්අඩංගුවට ගන්න කියන්න.
    මෙතෙක් අරගල ඉතිහාසයේ දීර්ඝම ප්‍රකාශය විත්ති කූඩුවේ ඉඳන් කරන්න මං ලෑස්තියි. ඉතිහාසයේ අපි න්‍යායිකව සහ ප්‍රායෝගිකව කළ ඒ වැරදි නැවත මේ මිහිපිට වෙන්න ඕනෙ නෑ.
    Gayal Perera
    ඔබගේ මේ අදහසට නම් ආණ්ඩුව කරන රඟපෑම්වලට ගොඩක් හානි වෙයි වගේ. කලින් කරපු දේවල් තොරොම්බල් කිරිල්ල, උඩදදා ගැහිල්ල අනුරටම පාරාවළල්ලක් වෙයි.
    Hemal Lasantha
    මෙච්චර කල් පොල් ගෑවද? අල් ජසීරා එකෙන් පෙන්නනකම් ගානක්වත් තිබුණෙ නෑ නේද?
    යූ.ඇන්.පී. එකේ බටලන්දෙ වධකයගෙ නියෝජිතයා වෙන තැනට වැටෙන්න තරම් ලැජ්ජා නැතිකමක්, අසංවේදීකමක් ලැබුණෙ කොහොමද?

    (මෙහි ඇතැම් නම්ගම් ඉවත් කොට තිබේ)

    SendShareShare
    Previous Post

    බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සාක්ෂිකරුවා ඩග්ලස් පීරිස් මැරිලා කියලා ප්‍රචාරය කළාට මැරිලා නැහැලු! අන්න එයා ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

    Next Post

    සෞඛ්‍ය ඇමැති නලින්ද වර්ජනය කරන්න ඉන්න සෞඛ්‍ය සේවකයන්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

    MORE NEWS

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    ‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

    හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
    Exclusive

    වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

    කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
    Exclusive

    ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

    වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

    ‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
    Exclusive

    විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

    Load More
    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

    Read more
    අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

    ‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

    හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

    වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

    කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

    ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

    වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

    වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.