ක්‍රීඩා තරුණ කටයුතු සහ ඩිජිටල් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවා සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී එන්නත්කරණ වැඩසටහනට සියලුදෙනාටම දායක විය හැකි ආකාරය පිළිබඳව වගේම ජාතික එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය සම්පත් රාජ්‍ය අමාත්‍යංශ මට්ටමින් ඒකරාශි කර, ග්‍රාමීය කමිටු වලට සහයෝගය දක්වමින් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කර, එම වැඩසටහන ක්‍රමවත්ව හා විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කොට තිබේ.













