පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව, ලොකු වෙනසක් සිදුවනු ඇතැයි, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පවසති.Sri Lanka Latest News
උන්වහන්සේ මේ බව පැවසූවේ, උන්වහන්සේ බැහැදැකීම සදහා පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්.එම් රන්ජිත් වැනි පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් ඉදිරියේ ය.
ගෙවුණු වසර දහය පහළොව තුළ, තමන් ජීවත් වන පළාතේ ජනතාවගේ ජීවිත තව තවත් පහතට වැටුණා මිසක ඉහළ යාමක් සිදු වී නැති බව උන්වහන්සේ මෙම පිරිස ඉදිරියේ පැවසී ය.
රටේ කෘෂිකර්මය සීයට සීයක් කාබනික කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය ගත් තීරණය ඒ තත්ත්වයට හේතු වුණු බව අටමස්ථානාධිපති හිමියන්ට ඒත්තු ගැන්වීමට එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උත්සාහ දරන බවක් පෙනෙන්ට තිබුණි.










