• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නලින්දට විශ්වාසභංගයක්! සජිත් කියනවා.. අනුර කරනවා! ඇත්ත කියපු සජිත් ජෝකර් කළා! ජෝකර් කියපු කතා ඇත්ත විදිහට පිළිගත්තා! දැන් හරිනේ..! VIDEO I Sri Lanka Latest News

December 24, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘හොරණ නගර සභාවේ පළමුවර අයවැය කියවීම පරාජයට පත් කරන්න විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ කටයුතු කරනු ලැබුවා. ඒ වගේම හොරණ නගර සභාවේ දෙවැනි වරට අයවැය කියවීම ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතය තිබුණා. ඒ අනුව නියමිත වේලාවටත් පෙර විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු හොරණ නගර සභාවට පැමිණ තිබුණා. ඒ වගේම නගර සභාවේ දවසේ වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව නාගරික මන්ත්‍රීවරුන්ට න්‍යාය පත්‍රයක් ලබාදී තිබුණා. අයවැය කියවීමේදී ඡන්ද විමසිමක් සිදුකරන බව එම න්‍යාය පත්‍රයේ සඳහන් වී තිබුණා. ඒ අනුව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් උදෑසන 10.00 ට සභා ගර්භයට ඇතුළත් වන වේලාවේදී අයවැය සම්මත බව ප්‍රකාශ කරමින් සභාපතිවරයා සහ ලේකම්වරිය සභාවෙන් පිටව ගියා. ඒ අවස්ථාවේ ඔරලෝසුවේ වේලාව උදෑසන 10.05 ලෙස සටහන් වී තිබුණා. නමුත් සෑබැ වේලාව උදෑසන 10.00 ලෙසයි සඳහන් වෙලා තිබුණේ.

ඒ වගේම සභා ගර්භයට මන්ත්‍රීවරු පැමිණි පසු ඔවුන්ට නම සටහන් කිරීමට ලේඛනයක් තිබිය යුතුයි. නමුත් එම ලේඛනයත් සභා ගර්භයේ තිබුණේ නැහැ. එම ලේඛනයත් ලේකම්වරිය රැගෙන ගොස් තිබුණා. මන්ත්‍රීවරුන්ට තමන් පැමිණි බව සටහන් කිරීමටවත් ලේඛනයක් සභා ගර්භය තුළ තිබුණේ නැහැ. ඒ අනුව ලේකම්වරිය පළාත් පාලන පනත යටතේ කටයුතු කළ ආකාරය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු විමසා තිබුණා. නමුත් ලේකම්වරිය ඊට පිළිතුරු දීමෙන් වැළකි සිටියා. කෙසේ නමුත් ලේකම්වරියට මේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේදී පිළිතුරු ලබාදිමට සිදුවේවි. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට , දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරයාට , පොලිසියට සහ මානව හිමිකම් කොමිසන් සභාවට දැනුම් දෙන්න විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්න්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට හොරණ නගර සභාවේ විපක්ෂයේ කණ්ඩායම කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව නීතිය නැවීමට නෙවෙයි කටයුතු කරන්නේ නීතිය හකුළුවා දැමීමට.

ඒ වගේම මෙතරම් කාලයක් පළාත් පාලන ආයතනවල වැඩකරපු සම්ප්‍රදායක් තිබෙනවා. ඒ සම්ප්‍රදායේදී කිසිදු රජයක් තමන්ගේ බලය රඳා පවත්වා ගැනීමට වර්තමාන රජය වගේ තුට්ටු දෙකේ කටයුතු සිදුකරලා නැහැ. ඒ වගේම දේශපාලන සම්ප්‍රදාය වෙනස් කර අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන බව කියු කණ්ඩයාම අද දේශපාලනය විනාශ කරලා තිබෙනවා. ඒ වගෙම ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ස්ථානවල තිබෙන අයිතිය අහුරන රාජ්‍ය නිලධාරීන් , බාල දේශපාලනයක් කරන සභාපතිවරුන්ට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග ගන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ නියෝජිතයන් තමන්ට තිබෙන ඡන්ද අයිතිය උදුරාගැනීම ඉතිහාසයේ කවදාවත් සිදුවෙලා නැහැ. ඒ වගේම අසූචි කන්දක් සමඟ ජීවත් වුණ පුද්ගලයෙකුට අධෝ වාතයක විශාල දෙයක් නෙවෙයි. අනුර දිසානායක ජනාධිපතිවරයා අසූචි කන්දක් සමඟ ජිවත් වුණ පුද්ගලයෙක්. අනුර දිසානායක මහතා විපක්ෂයේ දේශපාලඥයින් සෑම අවස්ථාවක විහිළුවට ගන්න උත්සහ කළ පුද්ගලයෙක්. ඔහුට ලැජ්ජාවක් තිබෙන පුද්ගලයෙක් නෙවෙයි. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට දේශපාලන සදාචාරයක් නැහැ. ඒ වගේම ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අඳුරන්නේ නැහැ. ජාතික හැදුනුම්පත් හොරකම් කළ , ඡන්ද පත්‍රිකා හොරකම් කළ පිරිසක් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරන්නේ. ඒ වගේම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර දරන බොහෝ පිරිසක් අනාගත අධිචෝදනා පත්‍රය නලලේ කොටාගෙන අවසානයි.

ඒ වගේම බිමත්ව රිය ධාවනය කළැයි අශෝක රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වුණා. කෙසේ නමුත් අශෝක රන්වල බිමත්ව සිටියාදැයි පරික්ෂා කර බලන විට ඒ සඳහා අවශ්‍ය වන උපකරණ පොලිසිය සතුව තිබුණේ නැහැ. බිමත්ව සිටි බව සනාථ කර ගැනීමට අවශ්‍ය ලේ සාම්පල සහ මුත්‍රා සාම්පල නිසි වේලාවේදී ගැනීමට කටයුතු කර තිබුණේ නැහැ. දැන් අශෝක රන්වල බිවත්ව සිටියේ නැති බව වාර්තා වෙනවා. ගංජා හේනක් වැටලු පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සමඟ ගැටුමක් ඇතිවී පොලිස් නිලධාරියා රෝහල්ගත වීමෙන් පසු පොලිස් නිලධාරියා බිමත්ව සිටියාදැයි ඒ අවස්ථාවේදීම පරික්ෂා කරනු ලැබුවා. පොලිස් කොස්තාපල්ට එක නිතියකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක නිතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ කාල සිමාවේදී බහලුම් 309 ක් රේගුවෙන් හොර රහසේ පිටවීම ගැන කිසිදු විමර්ශනයක් තවම නැහැ. ඒ වගේම පොලිස් ලේකම්වරයා බිමවත් රිය ධාවය කර අත්අඩංගුවට පත්ව තිබුණා. නමුත් දැන් උසාවියෙන් බිමත්ව සිටි බව සඳහන් කොටස ඉවත් කර ගෙන තිබෙනවා.

ඒ වගේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලංකාවට පැමිණ තිබුණා. ඒ අනුව ඩොලර් මිලියන 450 ක සහන පැකේජයක් ලබාදී තිබෙනවා. ව්‍යවසනයෙන් පසු ලංකාවට යළි නැගිමිට ඉන්දියාව ලබාදෙන සහායට සමගි ජනබලවේගය ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකාවට විශාල වශයෙන් උදව් උපකාර කිරීමට අසල්වැසි ඉන්දියාව දිගින් දිගටම කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 4 ක ක්‍රෙඩිට් ලයින් එකක් රටට ගෙන ඒමට බැසිල් රාජපක්ෂටත් හැකියාවක් ලැබුණා. නමුත් ඉන්දියාවෙන් දෙන්න සුදානම් වුණ ආධාර ප්‍රමාණයවත් ලබා ගන්න ජාතික ජනබලවේග රජයට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන්දියාව විසින් ඩොලර් මිලියන 450 කින් ඩොලර් මිලියන 350 ක ක්‍රෙඩිට් ලයින් එකක් සහ ඩොලර් මිලියන 100 ක ග්‍රාන්ට් එකක් ලැබිලා තිබෙනවා. කෙසේ නමුත් ආපදාවෙන් රටට සිදුවුණ හානිය පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් නැති නිසයි ලංකාවට ඩොලර් මිලියන 450 ක් වැනි සුළු මුදලක් ලබාගැනීමට හැකියාව ලැබුණේ. නැතිනම් ඉන්දියාව මීට වඩා විශාල ආධාරයක් දෙන්න ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටි බවට තොරතුරු වාර්තා වෙනවා. ආණ්ඩුව මීට වඩා දක්ෂවුණානම් මීට වඩා විශාල ආධාරයක් ඉන්දියාවෙන් ලංකාවට ලබාගන්න තිබුණා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා කියනවා අනුර දිසානායක කරනවා කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ව්‍යවසනයෙන් පසු අලුත් අයවැයක් සම්මත කර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ එම යෝජනාව පිළිබඳව ආණ්ඩුව නිසි අවදානයක් යොමු කළේ නැහැ. නමුත් බිලියන 550 ක පරිපුරක අයවැයක් සම්මත කර ගන්න පසුව ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කර අලුත් එකඟතාවයක් ඇති කර ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එවැන්නක් සිදුකළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් වහාම වෙනස් කර ගත යුතු බව ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කර තිබුණා. ඉන්පසුව ආණ්ඩුව එය පිළිගන්න කටයුතු කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන කියන සෑම දෙයක්ම විහිළුවට ගන්න කටයුතු කළා. නමුත් ඔහු කියපු දේවල් අවසානයේ සිදුකරන්න පසුගිය ආණ්ඩුවලටත් සිදුවුණා. රටේ මිනිස්සුන්ට වඩා දුර පේන පුද්ගලයෙක් රටේ නායකයෙකු විය යුතුයි. රටේ නායකයාට රටේ අනාගතය පෙනිය යුතුයි. ඒ වගේම ව්‍යවසනයෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තනාපතිවරු 20 කට වඩා වැඩි ප්‍රමාණයක් හමුවී රටට උදව් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය එකතුවී ව්‍යවසනයෙන් විනාශ වුණ රෝහල් 5 කට අවශ්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම සමගි ජනබලවේගයේ දේශපාලන නායකයන් ව්‍යවසනයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ වහාම ලබාදෙන්න කටයුතු කරනු ලැබුවා.

ඒ වගේම 1950 න් පසු ගොඩනගපු හොඳම ආර්ථිකය ගොඩ නැගුවේ අනුර දිසානායක මහතා බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම මෙතරම් හොද ආර්ථිකයක් නිර්මාණය කළැයි පම්පෝරි ගසන ජනාධිපතිවරයා කියන්නේ නැති කොටස් කිහිපයක් තිබෙනවා. රාජ්‍ය ණය ලෙස පසුගිව වසර 2 ක තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වලින් කොතරම් ප්‍රමාණයක් අරගෙන තිබෙනවාද? රුපියල් ට්‍රිලියන 2 කට වඩා අරගෙන තිබෙනවා. බදු ආදායම්වලට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගත් බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් රාජ්‍ය ණය ලෙස බැදුම්කර සහ බිල්පත් නිකුත් කර සියයට 6 සිට 8 පොලියට ණය ගනු ලබනවා. මෙතරම් මුදල් ප්‍රමාණයක් රජය සතුව තිබෙනවානම් රාජ්‍ය ණය ලෙස මෙතරම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නේ ඇයි? කෙසේ නමුත් ජනාධිපතිවරයා කුමන ආර්ථික න්‍යායක් කතාකරනවාදැයි අපි දන්නේ නැහැ. මේ වනවිට රටේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 107 කට වැඩි වී තිබෙනවා. කයියයෙන් රට කරගෙන යාම නවතා ජනතාවට වැඩ කරන රජයක් බිහිකරන්නේ කවදාදැයි සමගි ජනබලවේගය රජයෙන් අහන්න කැමැතියි. ආණ්ඩුව එදා කියපු දේවල් අද කරන්නේ නැහැ. අද කරන ඒවා එදා ජනාධිපතිවරයා කිව්වේ නැහැ. කෙසේ නමත් ආණ්ඩුවත් , රටත් , ජනාධිපතිත් ෆේල්.

ඒ වගේම සමගි ජනබලවේගයට කෙහෙලිය රඹුක්වැල්ලට වන්දි ගෙවන්න සිදුවෙයිද දන්නේ නැහැ. කෙහෙළිය රඹුක්වැල්ල කළෙත් නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කරන දේමයි. කෙහෙළිය රඹුක්වැල්ල වැරදිනම් නලින්ද හරියන්න විදහක් නැහැ. ඒ නිසා නලින්ද ජයතිස්සට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කරනු ලබනවා.‘‘

SendShareShare
Previous Post

අනේ මන්දා සමන්ත මොනවා කියනවද කියලා! මේ බලන්නකෝ බදුල්ලේ මිනිස්සු කියන ඒවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ මහා ආපදාව අස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන හැටි ප්‍රසිද්ධ වෙයි! රටේ විපක්ෂ නායක කතා කළාම දුරකතනයට එන්නේ නැති නිලධාරීන්! මාතලේ එකම විපක්ෂ මන්ත්‍රීවරිය රැස්වීම්වලට කැඳවන්නේ නැති කමිටු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.