කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නිශා කරුණාදාස නමැත්තියක් විසින් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් තැබීමට පියවර ගෙන ඇත.
එහිදී තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවත්, තමන්ගේ ජීවිතය පවා විශ්වාසයක් නොමැති බවත් ඇය සිය වීඩියෝවේ සදහන් කොට ඇත.
‘හෙට මගෙ උපන්දිනේ.. මම ආසාවෙන් උන්න අලුත් ඇදුමක් ඇදල හිනාවෙවී ලස්සන වීඩියෝ එකක් කරන්න .. මම වෙනුවෙන් ඉන්න මගේ අය වෙනුවෙන් .. ඒත් මගෙ අවසාන වීඩියෝ එක මේ.. ඒක කියන්නමයි අමාරුවෙන් ෆෝන් එක ඔන් කරේ.. අනේ හැමෝටම තෙරුවන් සරණයි ……’ යනුවෙන් ඇය එහි සටහනක්ද තබා ඇත.
කෙසේවෙතත් අප මෙම වීඩියෝව පළ කරන්නේ මෙම රෝගයේ පවතින බරපතළ බව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහාත්, එයින් වැළකී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහාත්ය.










