දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටක ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ පැවති සණස ජාතික සම්මේලනය අමතමිනි.
එම අවස්ථාවට ජනාධිපතිවරයා ද පැමිණි සිටි අතර ඔහු ඉදිරියේ දේශපාලඥයින්ව දැඩි දෝෂාරෝපණයට ලක්කරමින් කිරිවන්දෙණිය මහතා පවසා සිටියේ, පොඩි මිනිසුන්ට ඉදිරියට යෑමට අවස්ථාව ලබාදිය යුතු බවය.
එවැනි මිනිසුන්ගෙන් විශාල දායකත්වයක් රටට ලබාගත හැකි බවත් පැවසු ඒ මහතා ඡන්දය පමණක් බලාපොරොත්තු වීම නිවැරදි නැති බව ද පැවසීය.
අඩුම තරමින් පාර්ලිමේන්තු ඝණපූර්ණය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු 20 දෙනා හෝ අද වනවිට පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව සඳහන් කර සිටි ඒ මහතා රට හදන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිවන්දෙණිය මහතා,
“ඔබතුමන්ලා මහජනයාගෙන් ඉල්ලුව හැමවෙලේම මහජනයා සැලකුවා. තුනෙන් දෙකක බලයක් දුන්නා. හයෙන් පහක ඉල්ලුවා. ඔබතුමා ප්රමුඛ ආණ්ඩුවට හයෙන් පහක බලය දුන්නා. අවසානයේ ඉතිරි වුණේ මොකද්ද අපිට. ඔබතුමන්ලාත් වෙනස් වෙන්න පටන් ගන්න. සමහර මන්ත්‍රීවරු ඉන්නවා පුදුමාකාර අහංකාරයි. ඔය මගේ මතය නෙමෙයි. ඇයි නිහතමානි වෙන්න බැරි.”
එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, 2030 වසරවන විට පහළ මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක තත්ත්වයට ශ්‍රී ලංකාව ගෙනඒමට කටයුතු කරන බවය.










