එක්සත් ජාතික පක්සයේ සිට සමගි ජන බලවේගය සමග එක්වූ පළාත් පාලන සභිකයන් එජාපයෙන් ඉවත් කිරීම වළකාලන ලෙසට කරන ලද අභියාචනය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා දින නියම කිරීමට පියවර ගෙන තිබේ.
මෙම අභියාචනය සදහා එජාපයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනෙක් ඉදිරිපත් කොට තිබිණ.
ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා මොවුන් වෙනුවෙන් පෙනී සිටියේය.
මේ පිළිබදව පෙස්සම්කරුවන්ගේ නීතීඥයන් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දීමටද පියවර ගෙන ඇත.











