අද දින ජනක රත්නායක මහතාට එරෙහිව ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව සිටි අලි සබ්‍රි රහීම් මහතා හට පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ.
මෙම දැනුම් දීම කොට ඇත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුවය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට සහ එම පවුලට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවත්, ඊයේ අනීතිකව හැසිරුණු මහජන නියෝජිතයෙක්ට පාර්ලිමේන්තු පැමිණ ඡන්දය දීමේ හැකියාව ආණ්ඩුව විසින් උදා කොට ඇතැයි කියාය.










