නීති විරෝධීව රත්රන් හා ජංගම දුරකතන තොගයක් ගෙන ඒම හේතුවෙන් වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ගේ සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ වාර්තාවක් කැඳවා තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවය.
අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින්ගෙන් අදහස් ඉදිරිපත් වී ඇත.
කතානායකවරයා සඳහන් කළේ, එවැනි තත්ත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බවයි.
කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් සහ ජංගම දුරකතන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණිඅවස්ථාවේදී පසුගිය 23 වැනි දා පුත්තගම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් අත්අඩංගුවට ගැණුනි.
පසුව ඔහු නිදහස් කෙරුණේ රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමෙන් අනතුරුවයි.
Ali Sabri Raheem
Parliament










