• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මාවරුනේ අම්මාවරුනේ රොබෝ අම්මාවරුනේ…! විළිරුදාවයි තන කිරයි මවු සෙනෙහසයි ගඟේ ගහගෙන යයිද…? Sri Lanka Latest News

August 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අම්මාවරුනේ අම්මාවරුනේ රොබෝ අම්මාවරුනේ…! විළිරුදාවයි තන කිරයි මවු සෙනෙහසයි ගඟේ ගහගෙන යයිද…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැමෝම හිතන්නේ ගර්භණී වීම කියන්නේ කාන්තාවකටම අයිති, ඉතාමත් සංකීර්ණ සහ භාරගැනීමට අමාරු ක්‍රියාවලියක් කියලා. නමුත්, චීනයේ විද්‍යාඥයන් මේ දිනවල ගෙන එන නවතම සංකල්පය, මේ මතය සම්පූර්ණයෙන්ම අභියෝග කරමින්, ලෝකයම කතා බහට ලක්වී හමාරය. එය තමයි ‘ගර්භණී රොබෝව’ කියන නවතම සංකල්පය. සරල වචනයෙන් කිව්වොත්, කෘත්‍රිම ගර්භාශය සහිත මනුෂ්‍ය හැඩැති රොබෝවක්, සම්පූර්ණ ගැබ්ගැන්වීමේ ගමන පටන්ගන්නා තැන සිට සජීව ළදරු උපත දක්වා සිදුවන බව විද්‍යාඥයන් පවසයි.Sri Lanka Latest News

මෙම ව්‍යාපෘතිය නාන්යාං තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ (Nanyang Technological University) පී.එච්.ඩී. උපාධිලාභී වෛද්‍ය ෂැං කිෆෙන්ග්ගේ (Dr. Zhang QiFeng) නායකත්වය යටතේ සිදුවෙමින්, චීනයේ ගුවාං‌ෂෝ (Guangzhou) නගරයේ පිහිටි කයිවා තාක්ෂණය (Kaiwa Technology) සමාගම මගින් ඉදිරිපත්කොට ඇත. ඔහු පෙන්වා දෙන ආකාරයට කෘත්‍රිම ගර්භාශය ඉතා වාසනාවන්ත මට්ටමකට පැමිණ ඇති නමුත්, එය මනුෂ්‍ය සම්බන්ධතාවක් සමග සජීව ගර්භණීභාවය ඇති කිරීමට රොබෝවකට එක්කළ යුතු බවයි.

මෙහි මූලික අදියර ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මෙම රොබෝ උදරය ඇතුළත ඇම්නියොටික් දියරයෙන් පිරුණු, සාමාන්‍ය ගර්භාශයට සමාන පරිසරයක් ඇති, කෘත්‍රිම ගර්භාශයක් ඇත. එම කෘත්‍රිම ගර්භාශය තුළ පෝෂ්‍ය පදාර්ථ නළයක් හරහා ගමන් කරන අතර එය පෙකණි වැලක් මෙන් ක්‍රියා කරයි. සමන්‍යය කාන්තා ගැබක සිදුවන මේ අපූරු ක්‍රියාවලිය, රොබෝවක් තුළ සිදුවනවා කියන දේ හිතා ගැනීමටත් අපහසු දෙයකි. නමුත් එය අද සැබෑවක් වී අවසන්.

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහල (Children’s Hospital of Philadelphia) මගින් 2017 දී සිදුකළ පර්යේෂණයක් මේ සංකල්පයට පාදක වී ඇත. එම පර්යේෂණයේදී කෘත්‍රිම ගර්භාශයක් තුළ සාමාන්‍ය මිනිස් ගැබ්ගැනීමකට සමාන, නොමේරූ බැටළු පැටවකු වැඩීමට සාර්ථක වී ඇත. විනිවිද පෙනෙන වයිනයිල් ද්‍රව්‍යවලින් සාදන ලද ජෛව බෑගය (biobag) උණුසුම් ජලය සහ ලුණුවලින් පුරවා කෘත්‍රිම ඇම්නියොටික් තරලය නිර්මාණය කරන අතර, පෙකණි වැලට සම්බන්ධ නළයක් හරහා බැටළු පැටවාට පෝෂ්‍ය පදාර්ථ සපයන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, සති හතරකට පසු බැටළු පැටවාගේ ලොම් වර්ධනය වී ඇත.

මෙම පර්යේෂණය සාර්ථකව අවසන් වුවහොත්, 2026 වසරේදී මූලාකෘතියක් දියත් කිරීමට අපේක්ෂා කරන අතර, මෙහි ඇස්තමේන්තුගත පිරිවැය යුවාන් 100,000ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 14,000) පමණ වේ. මෙය නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇතැයිද පුරෝකථනය කර ඇති අතර, නීතිමය සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳ සාකච්ඡා දැනටමත් ගුවාං‌ෂෝ පළාතේ බලධාරීන් සමග සිදුවෙමින් පවතී.

මෙම පුවත වාර්තා වීමත් සමග චීන සමාජ මාධ්‍ය වේදිකාවක් වන Weibo හි #Worlds First Pregnancy Robot to Launch Within a Year යන හැෂ් ටැගය ජනප්‍රිය වූ අතර,
Douyin වේදිකාවේ පළකරන ලද සම්මුඛ පරීක්ෂණ වීඩියෝවට අදහස් 4,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබිණි. ඒ අතරින් සමහරුන් ‘මවකට සම්බන්ධයක් නොමැතිව කලලයක් ඉපදීම කුරිරුයි’ සහ ‘එය මිනිස් ආචාරධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරයි’ මෙන්ම ‘බිත්තර පැමිණෙන්නේ කොහෙන්ද?’ වැනි විවේචන අදහස් අතරට ඇතුළත් විය. කෙසේ වෙතත්, බහුතරය ධනාත්මක හැඟීමක් ප්‍රකාශ කළේ, ‘මිල මගේ වාර්ෂික වැටුපෙන් අඩක් පමණක් නම්, මම එය වහාම මිලදී ගන්නෙමි’ සහ ‘කාන්තාවන්ට දුක් විඳීමට සිදු නොවීම හොඳයි’ සහ ‘කාන්තාවන් අවසානයේ නිදහස් කර ඇත’ යනුවෙන් පවසමිනි.

මේ අතර, ආධාරකරුවන් පවසන්නේ එය වෛද්‍ය විද්‍යාවේ සහ පවුල් ජීවිතයේ අනාගතය වෙනස් කළ හැකි බවයි. විශේෂයෙන් චීනය වැනි රටක වඳභාවය 2007 දී 11.9% සිට 2020 දී 18% දක්වා තියුණු ලෙස ඉහළ ගොස් තිබූ අතර, සමහරුන්ට සාම්ප්‍රදායික ප්‍රතිකාර අසාර්ථක වන විට ගර්භණී රොබෝ යන්ත්‍රය බලාපොරොත්තුවක් ලබාදෙනු ඇතැයි කියාය.

නමුත් ගැටලුව තවමත් අවසන්වී නැත. එය මානව සම්බන්ධතාව, මාතෘත්වය සහ ගර්භණීභාවය පිළිබඳ ප්‍රශ්න මතුකරයි. මාතෘත්වය කියන්නේ යාන්ත්‍රිකව නිරූපණය කළ හැකි සරල ක්‍රියාවලියක්ද? නැතිනම් ජීවිතය හා සබඳතාව ගොඩනගන අනර්ඝ මනුෂ්‍ය අත්දැකීමක්ද යනුවෙන් විවාද මතුවී ඇත. තාක්‍ෂණය හැකියාවන් පුළුල් කරන විට පවා ගර්භණී සමයේදී ඇති වන අද්විතීය බැඳීම කිසිදු යන්ත්‍රයකට අනුකරණය කළ නොහැකි ගැඹුරු මානව අත්දැකීමක් ලෙස පවතී. සමහරුන්ට මෙය නිදහසක්, තවත් සමහරුන්ට භයානක විනාශයක ආරම්භයකි.

කෙසේ වෙතත්, ගර්භණී රොබෝව කියන්නේ අනාගතය වෙනස් කරන මාර්ගයක්ද? නැතිනම් අපේ මනුෂ්‍ය සම්බන්ධය කඩාවැටෙන විනාශයක දොරටුවක්ද යන්න තීරණය කළ යුත්තේ විද්‍යාව නොවේ. අපේම සමාජයයි, අපේම මනුෂ්‍ය වටිනාකම් විසිනුයි.

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

මෛත්‍රීපාලලා දයාසිරිලා හලලා නිමල්ලා දුමින්දලා ශ්‍රීලනිප මූලස්ථානයේ තිබ්බ රැස්වීම! VIDEO I Sri Lanka Latest News

Next Post

26 වෙනිදා රනිල්ට වෙන දේ ලාල්කාන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.