තොණ්ඩුවකින් එල්ලීමකින් තොරව පුද්ගලයෙක් ඉඳගෙන සිටිය දී ගෙල සිරවීමෙන් සිදුවන මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අත්දැකීම් ඇති බවත්, ඒ සියල්ලම පාහේ මනුෂ්‍ය ඝාතනයන් බවත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා පවසයි.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ බව පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් අබිරහස් මරණය ඉලක්ක කරගෙන හිරු ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් ඩිලාන් මායාදුන්නේ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී අධිකරණ වෛද්‍යවරයා මෙසේ පවසයි.
‘ගෙලේ තුවාල අවමව හෝ තුවාල නොමැතිව යම් කිසි පුද්ගලයකුට මරණයක් සිදුකරන්න පුළුවන්. ඒ නිසාම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන කොට විශේෂයෙන් පුද්ගලයකුගෙ ගෙල ආශ්‍රිතව සුවිශේෂ විච්ඡේදන කීපයක් කරනවා. එම විච්ඡේදන එළිදක්වලා තියෙන්නේ එක්දාස් නවසිය පනස් ගණන්වල.…’
‘අපි ඒකෙදි කරන්නෙ ස්ථරයෙන් ස්ථරය ගෙල විච්ඡේදනය කිරීම. එසේ කරන්නේ ඇතිවී තෙfබන තුවාල නිරීක්ෂණය කරන්න. සමහර අවස්ථාවලදී ගෙල සිරකර මනුෂ්‍ය ඝාතන කරන්න පුළුවන් තුවාල අවමව හෝ සමහර අවස්ථාවල දී තුවාල නොමැතිව. තුවාල නොමැතිව සිද්ධ කරනවා නම් එයත් හඳුනාගත හැකියි. නමුත් එය ඉතාම විරල සංසිද්ධියක්. එවැනි අවස්ථාවකදී අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් ඒ සම්බන්ධව තීරණයක් ගන්න අපහසු වෙනවා.…’
එම සම්පූර්ණ සාකච්ඡාව පහත පළවේ.
lankasara










