පවතින වැසි සහිත කාලගුණ තත්වයක් සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් සඳහන් කරයි. (Sri Lanka Latest News)
ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2,339 දෙනකු හමුවී ඇති අතර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්දන වැඩසටහනේ වාර්තා සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 14070ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13742ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 4307ක් ආදී වශයෙන් බස්නාහිර පළාතෙන් ඩෙංගු උණ රෝගීන් හමුවී තිබෙන බව ද එම දත්ත වාර්තාවල සඳහන් වේ.
නිවෙස් අවට සහ කාර්යාල,පාසල් අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට උනන්දු වියයුතු බවද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍යවරු පවසති.
lankadeepa










