යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි දේපළ හෝ වත්කම් තිබීම සම්බන්ධයෙන් බව ඔහු අවධාරණය කළේය.
තම පක්ෂය කිසිවිටෙකත් පුද්ගලයෙකුට දේපළ තිබීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බවත්, ප්‍රශ්නය ඇත්තේ යම් පුද්ගලයෙකු හෙළිදරව් කළ නොහැකි මූලාශ්‍රවලින් ධනය උපයා ගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දේපළ මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බවත්, එය රටට හොඳ ආදර්ශයක් බවත්ය.
මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලදී.










