• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අලි පොත හදපු මිලින්ද! Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාවේ අලි පොත හදපු මිලින්ද! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියලු ජීවීන්ගේ රඳාපැවැත්ම තියෙන්නේ පරිසරය ගහකොළ එක්ක. ඒකට අපි සොබාදහම කියලා කියනවා. සොබාදහම එක්ක ජීවත් වෙන්න ඇලුම් කරන මිනිස්සුන්ගේ කතාව හරි අපූරුයි. චමත්කාරයි. කාර්යබහුල ජීවිත ගෙවන සමහර මිනිස්සු සොබාදහමත් එක්ක තියෙන්නේ අපූරු බැඳීමක්. ඒක සංසාරගත පුරුද්දක් කියලා කිව්වොත් වඩාත් නිවැරැදියි. විටෙක පරිසරවේදියෙක්, වනජීවී ඡායාරූප ශිල්පියෙක්, පර්යේෂකයෙක් මෙන්ම අලි ඇතුන් සංරක්ෂකයෙක් විදියට කටයුතු කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා සංවිධානයේ පුරෝගාමී සාමාජිකයෙක් වන සහෘදයෙක් මට මුණගැහුණා. ඒ, මිලින්ද වත්තේගෙදර සහෝදරයා. පහත පළවෙන්නේ ඔහුත් සමග කළ සංවාදයක්. Sri Lanka Latest News

ඔබ ‘වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා’ සංවිධානය ආරම්භ කරපු හේතුව ගැන පැහැදිලි කළොත්?
අපි කාලයක් තිස්සේ ඇත්තු නැරඹීමට සහ ඇත්තු ඡායාරූපගත කිරීමට ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරලා තියෙනවා. එහෙම සංචාරය කරද්දී අපිට දැනුණු දෙයක් තමයි මේ සතුන් ගැන හරි හඳුනාගැනීමක් ඒ වෙනතුරු සිදුවෙලා නැති බව. ඒ අනුව, ඒ හිඩැස පිරවීමේ අරමුණෙන් තමයි ‘වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා’ කියන සමූහය 2013 දී බිහිවෙන්නේ. එහි නිර්මාතෘවරයා විදියට මමත්, මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගන්න කැමැති, වනජීවීන්ට ආදරය කරන තවත් ඡායාරූප ශිල්පීන් කීපදෙනෙකුත් එකතු වෙලා තමයි එදා මේ සමූහය ගොඩනැගුවේ. අපේ ප්‍රධාන අරමුණ වුණේ ඇතුන් හඳුනාගැනීම, ඇතුන්ගේ චර්යා රටා අධ්‍යයනය කිරීම, ඇතුන්ගේ තොරතුරු ඒකරාශී කිරීම සහ ඒවා ක්‍රමානුකූලව වාර්තාගත කිරීම. මොකද ඒ වෙනතුරු ලංකාවේ මේ සතුන්ගේ එවැනි දත්ත පද්ධතියක් ගොඩනගලා තිබුණේ නැහැ. ඉතින් අපි 2013 ආරම්භ කරපු මේ කටයුත්ත අද වනතුරු අඛණ්ඩවත්, ඉතා පිළිවෙළටත් කරගෙන යනවා.

මේ වෙද්දී ඔබේ සංවිධානය අලි ඇතුන් කොච්චර විතර ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවද?
2013 ඉඳලා අද වෙනතුරු අලි ඇතුන් 275ක් හඳුනාගෙන තියෙනවා. මේ හඳුනාගැනීම අපි කරන්නේ විද්‍යාත්මක පදනමක් මත පිහිටලා. එහෙම හඳුනාගන්නා ලද සෑම ඇතෙක්ම අපි වසරක් පාසා නිරීක්ෂණය කරලා, ඒ සතාගේ සංචරණයන් වෙනස් වෙන්නේ කොයි ආකාරයටද ආදී තොරතුරු ඒකරාශී කරගන්නවා.
මේ ඇතුන් 275ම අද වෙද්දී ජීවතුන් අතර ඉන්නවා කියලා නිශ්චිතව කියන්න බෑ, මොකද ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් තවම කෙරිලා නැති නිසා. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා සහ අලි මිනිස් ගැටුම නිසා ඇතුන් විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙලා තියෙනවා කියන එක නම් ඉතා පැහැදිලියි. ලංකාවේ ඉන්න සමස්ත අලින්ගෙන් 5%කටත් අඩු ප්‍රතිශතයක් තමයි ඇතුන් ඉන්නේ.

ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් ගතයුතු පියවර මොනවා කියලද ඔබ හිතන්නේ?
අලි ඇතුන්ට තියෙන ප්‍රධානම තර්ජනය තමයි මිනිස් ක්‍රියාකාරකම් හරහා ඇතිවෙන තර්ජනයන්. උදාහරණයක් විදියට ගත්තොත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති, වගා ව්‍යාපෘති සඳහා යොදාගන්නේ අලි ඇතුන් බහුලව ඉන්න වනාන්තර. එම සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් අහිමි වෙන්නේ අලි ඇතුන්ට ජීවත් වෙන්න තියෙන භූමිය. ඔවුන්ට ගමන් කරන්න තියෙන මාර්ග.

මේ වගේ සංවර්ධන කටයුතු නිසා අලින් එම ප්‍රදේශවලින් පලවා හැරීම සහ එම සතුන්ගේ චර්යා රටාවන් වෙනස් කිරීමට උත්සාහ දැරීම ඔබ දකින්නේ මොන විදියටද?
අලියා කියලා කියන්නේ මාතෘ මූලික සමාජයකින් පරම්පරාවෙන් පරම්පරාවට ඥානය පාවිච්චි කරගෙන ඉස්සරහට ආපු සතෙක්. ඉතින් මිනිස්සු වශයෙන් අපි මැදිහත් වෙලා ඒ සතාගේ ඥානය වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න යෑම විශාල වශයෙන් මේ අලි-මිනිස් ගැටුමට බලපානවා.

ලංකාවේ අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතු තුනක් මම දකිනවා. එයට ප්‍රධාන වශයෙන් හේතුපාදක වෙලා තියෙන්නේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති. ඒක අංක එක. දෙවැනි කාරණය වෙන්නේ යල් පැනගිය කෘෂිකර්මාන්තය සහ නවීන තාක්ෂණය වර්තමාන කෘෂිකර්මාන්තය සඳහා යොදා නොගැනීම. තුන්වැනි එක වෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති ඉඩම් කළමනාකරණය, කැලෑ එළිපෙහෙළි කිරීම, වනජීවීන් සහිත ප්‍රදේශ සීමා සහිත වීම. මේ කාරණා තුන තමයි අපි දකින විදියට අලි-මිනිස් සංහිඳියාව නැතිවෙන්න බලපාලා තියෙන ප්‍රධාන කාරණා තුන.

අලි ඇතුන්ගේ සුබසිද්ධිය සඳහා හෝ එම සතුන් සංරක්ෂණය සඳහා ‘වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා’ සංවිධානයේ අනාගත සැලසුමක් තියෙනවද?
මෙතැනදී අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයි. හේතුව අපිට නීතිමය බලයක් හෝ එවැනි ප්‍රතිපාදන නැති නිසා. නමුත් අපි කරන ප්‍රධාන දෙයක් තමයි අලි මිනිස් ගැටුම බහුල වශයෙන් බලපාලා තියෙන ගම්මානවලට ගිහිල්ලා ඒ ජනතාවට අලි ඇතුන්ගේ වටිනාකම ගැන කියලා දෙනවා. ඒ සඳහා අපි අලි ඇතුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව අලින්ගේ වටිනාකම ඔවුන්ට පහදා දීලා අලින්ට ඔවුන්ගෙන් සිදුවෙන්න පුළුවන් හිරිහැර අවම කිරීමට අපි කටයුතු කරනවා.

මේ වටිනා අලි සම්පත ආරක්ෂා කරගන්න රජයක් විදියට ගන්න ඕනේ පියවර මොනවා කියලද ඔබ හිතන්නේ?
වන සතුන්ගේ සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍යයි. එවැනි ප්‍රතිපත්තියක් හදලා අවුරුදු 20ක් 25ක් වත් ඊට අනුව අපි වැඩකරන්න ඕනේ. ආණ්ඩු මාරු වුණාට ඒ ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතුයි. ඒ හරහා වැඩ කළොත් අලින්ට සහ ජනතාවට එක හා සමාන සාධාරණත්වයක් ඉටුකරන්න පුළුවන් වේවි.

අපේ රටේ බහුතරයක් ජීවත් වෙන්නේ බෞද්ධ ජනතාව. සිදුහත් කුමරු මවුකුස පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ මහාමායා දේවිය සිහිනයෙන් දකින්නෙත් ඇත් පැටවෙක්. ඒ කියන්නේ අලි ඇතුන් අපේ සංස්කෘතියට, ආගමට සම්බන්ධ වෙලා තියෙන්නේ වසර දෙදහස් ගණනකට පෙර ඉඳලා. ඒ වගේම අපේ රටේ හිටපු සෑම රජ කෙනෙකුටම වගේ තිබිලා තියෙනවා ඇත් ගාලක්. ඒ කියන්නේ අලි ඇතුන් අපේ සංස්කෘතිය හා දැඩිව බැඳිලා හිටපු සතෙක්. අද වෙනතුරුම ඒ බැඳීම ඒ විදියටම තියෙනවා. ඒ නිසා අපේ රට සහ අලි ඇතුන් අතර තියෙන මේ දැඩි බැඳීම මොනම හේතුවක් නිසාවත් කඩන්න බෑ කියන එක මගේ විශ්වාසය. අලි ඇතුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් ගැන මට හිතාගන්න බැහැ. ඒ වගේම අලියා කියන සතා නිසා පරිසරයේ සමතුලිතතාව විශාල වශයෙන් ආරක්ෂා වෙනවා. යම් හෙයකින් අලියා අපේ රටෙන් තුරන් වුණොත් එය පරිසරයේ සමතුලිතතාවට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන් කරුණක් වෙනවා.

ඒ වගේම අපේ රටට සංචාරකයන් ඇදී එන්න ප්‍රධානම හේතුවක් තමයි මේ අලි ඇතුන්. ඉතින් අලි ඇතුන් නැතුව ගියොත් අපේ රටේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමය උපයා ගැනීමට නොහැකි වීම නිසා දැඩි ආර්ථික අර්බුදයකටත් රට පත්වෙන්න පුළුවන්. මේ සෑම කරුණක් ගැනම සලකා බලලා අලි ඇතුන් අපේ ජාතික සම්පතක් විදියට සලකලා ඔවුන්ව ආරක්ෂා කරගන්න කැපවෙන්න ඕනේ කියන එකයි පරිසරවේදියෙක්, වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදියට මට කියන්න තියෙන්නේ.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

යුද්ධයෙන් මියගියවුන් සමරන්න වැල්ලවත්තේ තියපු සැමරුම් උත්සවයට පිරිසක් කඩා පනී! කුණුහරුප කියා බැන තර්ජනය කොට පිරිස එළවා දමා සැමරුම නවත්වයි! උණුසුම් තත්ත්වයක්! පොලිසියත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දකුණේ බාධා කිරීම් ආවාට උතුරේ බාධා කිරීම් මොනවත් නෑ! දමිළ ජනතාව යුද්ධයෙන් මියගියවුන් ජයටම සමරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.