පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 – 1 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. Sri Lanka Latest News
ඇට්ලන්ටාහි ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග එංගලන්ත කණ්ඩායම තරගයෙන් ඉවත්ව ගියා.
තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 45 තුළ දෙපිලේම ක්‍රීඩකයින් දැඩි තරගකාරීත්වයක නිරත වූ අතර කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ 36 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ එලියට් ඇන්ඩර්සන් (Elliot Anderson) කහ කාඩ්පතක් (Yellow Card) ලැබුවා.
අනතුරුව තරගයේ 41 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ආරක්ෂක ක්‍රීඩක ලිසැන්ඩ්‍රෝ මාටිනස් (Lisandro Martínez) කහ කාඩ්පතක් ලැබුවා.
මේ අතර පළමු අර්ධයේ නියමිත කාලය අවසානයේ විනිසුරුවරයා විසින් අතිරේක කාලය ලෙස මිනිත්තු 3ක් (45’+3′) ලබා දීමට කටයුතු කළා.
තරගයේ 55 වැනි මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Anthony Gordon පළමු ගෝලය ලබා ගත්තා.
මේ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් Enzo Feández 85 වැනි මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගය සම තත්ත්වයකට පත් වුණා.
අනතුරුව ආර්ජන්ටිනාවේ Lautaro Martinez 90 + 2′ වාර්තා කළ ගෝලයත් සමග ජයග්‍රහණය හිමිකර ගත්තා.
මේ ගෝල දෙකටම අවශ්‍ය පන්දු සැකසීම කළේ විශිෂ්ට ක්‍රීඩක ලියොනල් මෙසී.
මේ අනුව ප්‍රංශය පරාජය කරමින් දැනටමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ ජූලි 19 වැනිදා ආර්ජන්ටිනා කණ්ඩායම ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.










