ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අද (09) දහවල් වරුවේ පැය දෙකක කාලයක් ඇදහැලුණු අධික වර්ෂාවෙන් කන්දේ ඇල ජලාශයේ සිට මේ පිළිමාන රුවන් එළිය හරහා නානු ඔයට ගලා බසින අග්‍රාඇළ දෙපස වගා බිම් වල ඉවතලන අපද්‍රව්‍ය සහ ඒ අවට නිවස් වලින් ඉවතලන අපද්‍රව්‍ය අග්‍රා ඇළට බැහැර කිරීමෙන් අග්‍රා ඇළ අවහිර වී ජලය පිටාරගැලීමෙන් මීපිළිමාන ජපන්වත්ත ප්‍රදේශයේ වගාබිම් නිවාස සහ පානීය ජල ලිං රැසක් යටවීමෙන් භාජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති ආකාරයක් දක්නට ලැබිණ ,Sri Lanka Latest News
පැයකට අධික වර්ෂාවක් ඇද හැලෙන සෑම අවස්ථාවකදීම මෙලෙස ජපන්වත්ත ප්‍රදේශයේ නිවාස සහ වගා බිම් ජලයෙන් යටවී අවස්ථාවන් රැසකදි විශාල වගා හානි සහ මහජනතාව අපහසුතාවයට පත්වීම් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති ,
දිගින් දිගටම උද්ගතවන මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ අප සිදුකළ විමසුමකට වගකිවයුතු බලධාරීන් කියා සිටියේ මේ වන විට නව රජයේ ප්‍රතිපාදන යටතේ අග්‍රා ඇල ප්‍රතිසංස්කරණය කර විශාල කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡා සිදුවෙමින් පවතින බවය .





























