ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ මව්රට අපි නිතර අවධානයෙන් සිටිමු.
අපට හැකි උපරිම මට්ටමෙන් අප මේ සඳහා මැදිහත් වීමු.
කොවිඩ් ශ්‍රී ලංකාවට පැමිණෙන්නටත් පෙරම කොවිඩ් ගැන ලියූ අප කොවිඩ් පැතිරෙන්නට පෙර කොවිඩ් සම්බන්ධ විශේෂ දැනුම්වත් කිරීම් ද සිදුකළෙමු.
කොවිඩ් විශාල වශයෙන් පැතිර යමින් රට මෙවන් විපතකට පත්වීම වළක්වා ගන්නට අප අපට හැකි සියලු උත්සහයන් දැරූවෙමු.
නමුත් මේ මොහොත වන විට සියල්ල උඩු යටිකුරු වී හමාරය. දිනකට අපේ මිනිස්සු සීයකට ආසන්න ගණනක් මියැදෙනා රටක අපට ඔහේ බලා සිටිය නොහැක.
අප ඒ නිසාම යළිත් වරක් ‘මව්රට‘ කොවිඩ් හා සටනට සූදානම් කළෙමු.
මේ සතියේ ‘මව්රට‘ විශේෂ පුවත්පත කොවිඩ් සම්බන්ධ විශේෂ දැනුම්වත් කිරීම් සහ රට මේ වන විට පත්ව ඇති තත්ත්වය ඔබට කියන්නට සූදානම්ය.
රටේ රෝහල් පත්ව ඇති භයානක තත්ත්වය ඔබ දැන සිටිය යුතුය.
ඔබ ඔබේ ආරක්ෂාව ගැන සේම ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් විය යුතුමය.
ඔබ මෙතෙක් නොදත් කොවිඩ් අර්බූදයේ සැබෑ ස්වරූපය දැනගන්න ‘මව්රට‘ ජාතික පුවත්පත සහ ‘ඊ‘ පුවත්පත සමග රැඳෙන්න.
e පුවත්පතට මෙතැනින් පිවිසෙන්න… 👉>>> https://e.mawratanews.lk/










