ඊයේ (අප්‍රේල් 02) මධ්‍යම රාත්‍රියේ සහ අද (අප්‍රේල් 03) අලුයම ඉරානය විසින් එල්ල කරන ලද අතිනවීන ‘අධිවේගී’ (Hypersonic) මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනුවර ඇතුළු මධ්‍යම ප්‍රදේශවලට දැවැන්ත හානි සිදුව ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ (Iron Dome) සහ ‘ඇරෝ’ (Arrow) ගුවන් ආරක්ෂණ පද්ධති පවා අභිබවා යාමට සමත් වූ මෙම මිසයිල කිහිපයක් ටෙල් අවිව් නගර මධ්‍යයට සහ ජනාකීර්ණ ප්‍රදේශවලට සෘජුවම පතිත වී තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය යුද ඇමතුම (War Address) අවසන් කළ මොහොතේම මෙම ප්‍රහාර දියත් කර ඇති අතර, ඉන් හටගත් ප්‍රබල පිපිරීම් හඬ සැතපුම් ගණනාවක් දුරට ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රහාරයේදී ඉරානය විසින් ‘ෆාටා’ (Fattah) වැනි අධිවේගී මිසයිල මෙන්ම ක්ලස්ටර් (Cluster) වර්ගයේ විනාශකාරී බෝම්බ ද භාවිතා කර ඇති බවට සැක කෙරේ. ටෙල් අවිව් නුවර ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, ප්‍රහාරයත් සමඟ නගරය පුරා විදුලිය ඇනහිටීම් සහ සන්නිවේදන බාධා වාර්තා වී ඇත.
මෙය 2026 වසරේ ආරම්භ වූ යුද්ධයේදී ටෙල් අවිව් නගරය ඉලක්ක කරගනිමින් එල්ල වූ බිහිසුණුම ප්‍රහාරය ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති.










