• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරට-දකුණට පියාපත් දිගු කරමින් මාර්තු 2දා 73 වන ගුවන් හමුදා දිනය සැමරේ! උතුරේ පාසල් 73ක් සංවර්ධනය කරයි! පාසල් පොත් 73000ක් බෙදයි! රට පුරා බෙදීමට පැළ හැත්තෑතුන්දහසක්! යාපනයේදී සැණකෙළියක්! දින 5ක පාපැදි සවාරියක්! I Sri Lanka Latest News

February 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
උතුරට-දකුණට පියාපත් දිගු කරමින් මාර්තු 2දා 73 වන ගුවන් හමුදා දිනය සැමරේ! උතුරේ පාසල් 73ක් සංවර්ධනය කරයි! පාසල් පොත් 73000ක් බෙදයි! රට පුරා බෙදීමට පැළ හැත්තෑතුන්දහසක්! යාපනයේදී සැණකෙළියක්! දින 5ක පාපැදි සවාරියක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

73 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වනදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් “මිත්‍රත්වයේ පියාපත් උතුර- දකුණ යා කරන සහයෝගීතාව” ( Wings of Friendship) මෙවර තේමාව කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.Sri Lanka Latest News

කැලණිය රජමහා විහාරස්ථානයේ පිච්චමල් පූජාව හා සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය සැමරිම ආරම්භ කරන අතර මෙවරත් ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදා ආචාර පෙළපාළිය සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණුවලට අනුකූලව ගුණාත්මක අධ්‍යාපනය හා පාරිසරික තිරසාරකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර උතුරු පළාත් කේන්ද්‍ර කොටගෙන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා මූලිකත්වය දෙමින් ගුවන් හමුදා දිනය සැමරීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි සංවර්ධනය කළ යුතු පාසල් 73ක් හඳුනාගෙන එම පාසල් සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තුකර ඇති මුදල මිලියන 100කි.

එම වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සඳහා පොත් 73000ක් ප්‍රදානය කිරීම සිදු කරන අතර මේ සඳහා රුපියල් මිලියන 25ක් පමණ වියදම් වන බව ඇස්තමේන්තුකර ඇත.

එසේම මාර්තු මස 6 සිට 10 දක්වා යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී එයාර් ටැටූ 2024 තාක්ෂණික අධ්‍යාපන ප්‍රදර්ශනය හා සැණකෙළිය (Air Tattoo 2024- Technological ,Educational Exhibition) පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා හා සම්පත් ප්‍රදර්ශනය හා ගුවන් හමුදාවේ කාර්යභාවය, තාක්ෂණික අධ්‍යාපන පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදුකෙරේ .

මෙම ප්‍රදර්ශනයේදී පැරෂුට් සංදර්ශන, ගුවන් කරනම්, නර්තන, හා ආපදාවකදී කටයුතු කළ යුතු ආකාරය දක්වන සංදර්ශන, අංගම්පොර, සුනඛ සංදර්ශන, ඩ්‍රෝන යානා ප්‍රදර්ශන ඇතුළත් වේ.

මෙම ප්‍රදර්ශනයට උතුරු පළාතේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන්ගේ නවෝත්පාදන උපකරණ ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාව සලසා ඇති අතර මෙම ප්‍රදර්ශනය පාසල් සිසුන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි ගුවන් හමුදාව භාවිතා කොට භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානා එන්ජිමක් යාපනයේ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කෙරේ.

ඒසේම මීට සමගාමිව දිවයින පුරා පැළ හැත්තතුන්දාහක් බෙදා හැරීමේ ව්‍යාපෘතිය මෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි සවාරිය වන ශ්‍රී ලංකා ගුවන් හමුදා මිත්‍රත්වය අභියෝගතා කුසලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය දින පහක් පුරාවට පැවැත්වේ.

මේ සියලු කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ඒයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්ත මහතා වන අතර උතුරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ සහ යාපනය වාණිජ මණ්ඩලයේ නොමසුරු සහයෝගය මේ සඳහා ලබා දෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ සමාජ සත්කාර ආදිය සඳහා සියලු වියදම් රජයේ මැදිහත්වීමකින් තොරව සිදු කරන අතර ඒ සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශාල දායකත්වයක් ලබා දෙන අතර තවදුරටත් එයට සහයෝගය ලබා දෙන ලෙස ද ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

SendShareShare
Previous Post

‘වැලිවිට සුද්දා’ට අයිති යැයි කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අත්පත් කරගෙන මාස 2කට වැඩි කාලයක් තියාගෙන සිටි කෝටි 10ක වාහන යළි අයිතිකරුවන්ට ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් නියෝග කරයි! Sri Lanka Latest News

Next Post

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකරන්න ආණ්ඩුව තීන්දු කරද්දී මහබැංකුව විතරක් සියල්ලන්ගේම පඩි වැඩි කරගෙන! නියෝජ්‍ය අධිපතිවරුන්ගේ පඩිය ලක්ෂ 7කින් වැඩි කරලා! අලුත් පඩිය දාසය ලක්ෂ අසූහත්දාහක්! පියන්ගේ ඉඳන් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දක්වා පඩිය දෙගුණයකින් වැඩි කරලා! දැන් පළමු ශ්‍රේණියේ පියන් කෙනෙකුගේත් පඩිය එක්ලක්ෂ අසූතුන්දාහක්! ඒ විතරක් නෙමෙයි මහබැංකුවේ වැඩ කරලා පෙන්ෂන් ගිය අයගේ වැටුපත් 70%කින් වැඩි කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.