ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාව සමඟ ඇති E-8 වීසා ගිවිසුමට හිටපු අමාත්‍යවරයා විසින් රජයේ නිසි අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස අත්සන් කර ඇති බව අනාවරණය වේ.Sri Lanka Latest News
ඒ අනුව, E-8 වීසා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික රැකියා නියෝජිතායතනයකට ශ්‍රමිකයන් දකුණු කොරියාවට යැවීමට හෝ ඒ හා සම්බන්ධ කිසිදු ගාස්තුවක් අයකිරීමට අවසර නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම අනවසර වැඩපිළිවෙල සම්බන්ධයෙන් කාර්යාංශයට වගකීමක් දැරිය නොහැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර, නීත්‍යානුකූල E-9 වීසා ක්‍රමයට ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බව තහවුරු කර ඇත.
පසුගිය ආණ්ඩුව සමයේ විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ මනූෂ නානායක්කාර ය.










