ජාතික රූපවාහිනියේ පැවැති ‘කරට කර’ දේශපාලන වැඩසටහනේදී හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කළ ප්‍රකාශයක් මේ වනවිට විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබේ. Sri Lanka Latest News
එහිදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු විසින් පොලිසිය අල්ලන ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විස්තර කරද්දී අජිත් මාන්නප්පෙරුම මහතා විමසා සිටියේ අල්ලන මත්කුඩු රටේ ආර්ථිකයට දායක කරගත නොහැකිදැයි කියාය.
මේ ප්‍රකාශයත් සමග සියලුම දෙනා උස්හඩින් සිනාසුණේ මාන්නප්පෙරුම මහතා කියන්නේ මත්කුඩු විකුණන්නදැයි කියාය.
අජිත් මාන්නප්පෙරුම මහතා සජබයෙන් පාර්ලිමේන්තු පැමිණියද පක්ෂ විනය කඩකිරීම හේතුවෙන් සජබයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබිණ.
පසුව මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතාට එක්ව එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතු සිදුකරනු ලබයි.










