හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඉන්දියාවේ 75 වන නිදහස් සමරු උලෙළට සුබ පතමින් හෙතෙම මෙම ලිපිය නිකුත් කොට තිබේ.
එම ලිපිය මෙසේය.
ගරු නරේන්ද්‍ර මෝඩි මැතිතුමා
අග්‍රාමාත්‍ය
ඉන්දියානු ජනරජය
75වන නිදහස් සැමරුම
ඉන්දියානු නිදහසේ 75 වන සාඩම්බර සැමරුමට එක්වන සමස්ථ ඉන්දියානු පුරවැසියන්ට මාගේ හෘදයාංගම ශුභාසිංශන එක් කරමි.
ඉන්දියානු නිදහස් සටනේ ප්‍රභාශ්වරය ශ්‍රී ලංකාවේ නිදහස දිනාගැනීමට මහඟු පිටිවහලක් වූ බව මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි. මා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙන්ම පසුගිය දශක ගනනාවක පෞද්ගලිකව මා වෙතත්, ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවේ ජනතාවටත් විස්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියානු ජනරජය ලබාදුන් ශක්තිය මේ ඓතිහාසික මොහොතේ සිහිපත් කරමි. ශ්‍රී ලංකාව අතිශයින්ම දුෂ්කර කාලයක් ගෙවන මේ මොහොතේදී ඔබ ප්‍රමුඛ ඉන්දියානු රජය ලබාදෙන සහය කිසිදා අමතක කළ නොහැක. එසේම අසල්වැසි සබඳතා මෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවයේදී පෙරටත් වඩා අවබෝධයෙන් ක්‍රියා කිරීමට දෙරටම උනන්දුවෙන් කටයුතු කරනු ඇතැයි මගේ අපේක්ෂාවයි.
ස්තූතියි!
මෛත්‍රීපාල සිරිසේන
6 වන විධායක ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය