තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.Sri Lanka Latest News
ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේයි.
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඔහුට ද කොට්ටයක්, පැදුරක්, පිඟනක් සහ කෝපයක් ලබාදී තිබෙනවා.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.










