පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ දිනයේදී සිදුවිය.
මෙහිදී අලුත්ගමගේ මහතා අනුර දිසානායක මහතාගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදවත්, දිසානායක මහතා අලුත්ගමගේ මහතාගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදවත් අදහස් දැක්වීමට යාම නිසා වචන හුවමාරුව තරමක් උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය.
මෙම තත්ත්වය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවා පාලනය කරගත නොහැකි තත්ත්වයක් දැකගන්නට ලැබිණ.










