හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන අප්‍රේල් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීමට අවශ්‍යව ඇති බැවින් ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය
ගාලුමුවදොර අරගලය උත්සන්නව පැවැති අවස්ථාවේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.