• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලබ්බට තිබ්බ අත පුහුලටත්! ඊළඟට මහින්ද? Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් සමග රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ. මේ, අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු ලබාදුන් පිළිතුරයි.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන කරපු දෙයක් කියලා හිතෙනවා. තවත් ජනාධිපතිවරුන්ගේ පහුගිය කාලේ යම් යම් වරදවල් සිද්ධ වෙලා තියෙනවා. ඒවා ගැනත් හොයාබැලීමක් කරන්නත් සූදානමක් තියෙනවද ආණ්ඩුවට?

අමාත්‍ය බිමල් රත්නායක
අපි පැහැදිලිවම ඒවා පිළිබඳවත් හොයා බලනවා. මොකද මේ රටේ ජනතාවට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි හැමදාම පොඩි මිනිස්සු තමයි දඬුවම් ලැබුවේ. පොඩි මිනිස්සු තමයි හැමදාම නීතිය ඉස්සරහා වැරදිකාරයෝ වුණේ. රනිල්ලා, රාජපක්ෂලා, චන්ද්‍රිකාලා සහ ඒ වටේ ඉන්න වළල්ලත්, ඔවුන්ගේ අන්තේවාසිකයෝ, ඔවුන්ට ගොටු අල්ලන කට්ටියත් කවදාවත් හිතුවේ නෑ, කවදාවත් රනිල්ලට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා.

ඇත්තටම පුදුම වෙන්න ඕනේ මොකක්ද? 1977 යාපනයේ, දැන් මේ ඔබතුමාලා ගියොත් එහෙම සෙට්ටිකුලම්වල, මිනිස්සු කී දාහක් ගම්මානවල පදිංචි කරලා තියෙනවද වාරිකුට්ටියූර් වගේ පැතිවල? කී දාහක් පදිංචි කරලා තියෙනවද දෙණියාය, නුවර, නුවරඑළිය, දැරණියගල, අනුරාධපුරය වගේ ප්‍රදේශවල? 77 යූ.එන්.පී.ය ඡන්දෙ දිනලා, දෙමළ ජනතාවට ගහලා එළවපු මිනිස්සු? කී දාහක් වවුනියා, මුලතිව්, කිලිනොච්චියේ පදිංචි වෙලා ඉන්නවද? ඒ 77 ආණ්ඩුවේ රනිල් ප්‍රධාන පෙළේ පුද්ගලයෙක්. ඒ ජාතිවාදී ක්‍රියාවන්ට ඔහු දඬුවම් ලැබුවේ නෑ.

81 ඡන්දෙ මංකොල්ලකන්න ආපු එවක එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු හතර දෙනෙක්ගෙන් රනිල් වික්‍රමසිංහත් ආවා කියලා තමයි හැන්සාඩ් එකේ තියෙන්නේ. ගාමිණී දිසානායකලා වගේ අයගේ නමුත් ඇතුළුව. එතකොට 81 සංවර්ධන සභා ඡන්දෙ මංකොල්ලකෑවා. 81දී යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බා. ඒවට දඬුවම් ලබන්න තිබුණා. රනිල්ලාට කවදාවත් නීතිය ඔවුන්ගෙන් කටඋත්තරයක්වත් ගත්තේ නෑ. 83 කළු ජූලිය කළා. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැති. ඔහු අධ්‍යාපන ඇමැති හැටියට ඉන්නකොට තමයි යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බේ.

එතකොට 83 කළු ජූලිය සදහටම මේ උතුර විනාශ කළා. ඔබතුමාලාගේ යාළුවෝ, ඥාතීන් දස දහස් ගණන්, ලක්ෂ ගණන් මේ රට අතෑරලා ගියා. මේක සහමුලින්ම යුද්ධ පිටියක් වුණා. ඒවට රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න තිබුණේ මීට කලින්.

89දී 60,000ක් දරුවෝ, තරුණයන් ඝාතනය කරද්දී බටලන්දේ රනිල්ගේ වෙනම වධකාගාරයක් තිබ්බා. අද රනිල් වෙනුවෙන් නිවේදන නිකුත් කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක, බටලන්ද ගැන කොමිසමක් දැම්මා. ඒ කොමිසමෙන් රනිල් පැහැදිලි වගඋත්තරකරුවෙක් බවට චෝදනා ලබලා තිබෙනවා. අපි ඒ බටලන්ද කොමිසමේ වාර්තාව දැන් නීතිපතිට යවලා තියෙනවා.

2015 මහබැංකුව මංකොල්ලකාලා රටේ ආර්ථිකය වට්ටන්න පටන් ගත්තා. මහබැංකු මංකොල්ලයේ තනිකර රනිල්ගේ ආශීර්වාදයෙන් වුණා කියන එක මේ රටේ දේශපාලන පක්ෂ, කෝප් කාරකසභාව, මේ සියලු දෙනා දන්නවා. ඒ නිසා පුදුම වෙන්න ඕනේ මොකටද? රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයන්ව මීට කලින්, ඇයි ඔවුන්ට මීට කලින් දඬුවම් නොදුන්නේ කියන එක තමයි පුදුම වෙන්න ඕනේ.

අද වෙලා තියෙන්නේ මොකක්ද? මේ රටේ හැමදාම මේ ඉහළ, මේ පාලක පැලැන්තිය, ඒ දූෂිත පාලකයෝ එකිනෙකා ආරක්ෂා කළා. රන්ජන් රාමනායක කිව්වා වගේ, ‘හොරු කවද්ද මල්ලි හොරු අල්ලන්නේ…’ එහෙම තමයි තිබුණේ. දැන් රටේ ජනතාව හොරු පන්නලා මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හදලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ආණ්ඩුව, රනිල් නෙමෙයි, රාජපක්ෂලා ඔක්කොම, අදාළ කරන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ අනුව කිසිම තරාතිරමක් බලන්න දෙයක් නෑ. නීතියට අනුව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒකට අදාළ කරන ශක්තිය, ධෛර්යය සහ ඒ ස්වාධීනව වැඩ කරන්න අවශ්‍ය කරන ඉඩකඩ, ජනාධිපතිතුමා ඇතුළු අපි ආණ්ඩුවෙන් ලබාදෙනවා.

Dasatha Lanka News

SendShareShare
Previous Post

රනිල් හිරකිරීම පිටුපස ආන්දෝලනාත්මක හෙළිදරව්ව! වැලිකඩදී කරදරයක්! කෑම ආවේ පාන්දර 1ට! වැසිකිළිය කැඩිලා! රනිල් සජිත්ගෙන් ඉල්ලපු දේ! අනුරගෙන් ආ කෝල් එක! UNP භූතයෝ දෙන්නා ගේමක! තලතා-රුවන් දුම්මල වරම අතට ගනී! රනිල්ට තව කේස් 2ක් එනවා! ‘මව්රට’ට විශේෂයි..! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

මොකක්ද මේ සාලිය පීරිස් කියපු රූබිකන් නදිය තරණය කරපු කතාව? අනුර – රනිල් අරන් ඒකද කළේ? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.