• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ දුප්පත්කම දෙගුණ වෙලා! ඇති නැති පරතරය ඉහළ ගිහින්! සේවා වියුක්තියේ ගැටලු මතුවෙලා! මැදපෙරදිග රැකියා කරන ලාංකිකයන් මිලියනයකගේ රැකියා අස්ථාවර වෙලා! සංචාරක ක්ෂේත්‍රය අර්බූදයකට යනවා! කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අමාරුවේ වැටිලා! විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.4කින් අඩුවෙලා විදේශ විනිමය ප්‍රශ්නයකුත් ඒවි! ඩොලරයත් එක්කම තෙල් මිල තව ඉහළ නගීවි! වැරදි තීන්දු ගන්න එපා! ගල්ෆ් යුද්ධය වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා වැඩ කරපු විදිහ අධ්‍යයනය කරන්න! පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රසන්න කියන මේ කතාව අහන්න! I Sri Lanka Latest News

March 19, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවේ වාඩිවෙයි! ලංකාවට වෙන්න යන දේ ගණන් හිලව් එක්කම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘සතියේ වැඩ කරන දින ගණන අඩු කරන්න වර්තමාන ජාතික ජනබලවේග රජය අඩු කිරීමට තිරණය කර තිබෙනවා. ඒ වගේම ඉන්ධන නිකුත් කිරීමේදී කෝටාවකට ඉන්ධන නිකුත් කරන්නත් ආණ්ඩුව තිරණය කර තිබෙනවා. ඉන්ධන ලබාදීම සඳහා කිව් ආර් ක්‍රමවේදයක් හදුන්වා දෙන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. එය හොද පියවරක්. නමුත් එම වැඩපිළිවෙළ තුළ යම් යම් ප්‍රායෝගික ගැටලු කිහිපයකට ජනතාවට මුහුණ දෙන්නත් සිදුවෙලා තිබෙනවා. ඒ හරහා ජනතාව තුළ අසහනකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.

ඒ වගේම ඩොලර් බිලියන 7 ක සංචිත තිබෙන බව ආණ්ඩුව සහ මහ බැංකුව ප්‍රකාශ කරනවා. නමුත් භාවිතා කළ හැකි සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක්. ඒ වගේම 2026 බලාපොරොත්තු වන ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඈත් වෙමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. ඒ අතරම රටේ දුප්පත්භාවය දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඇති නැති පරතරය ඉහළ ගොස් තිබෙනවා. සේවා වියුක්තියේ ගැටලුවක්ද මතුවෙමින් තිබෙනවා. කාන්තාවන්ගේ සහ තරුණයන්ගේ සේවා වියුක්ති ප්‍රශ්නයට අමතරව මැදපෙරදිග කලාපය තුළ සේවා වියුක්ති ගැටලුවක් ඇති වෙමින් තිබෙනවා. මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තින්වල අස්ථාවරභාවයක් ඇති වී තිබෙනවා.

ඒ වගේම සංචාරක කර්මාන්තයටත් මෙම අර්බදුය හරහා විශාල ප්‍රශ්න ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත ආශ්‍රීතව ක්‍රියාත්මක වන රැකියා සම්බන්ධයෙන්ද ගැටලු කිහිපයක් මතුවෙමින් තිබෙනවා. කෙසේ නමුත් මැදපෙරදිග යුදමය වතාවරණය කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල ගැටලුකාරී තත්ත්වයන් ඇති කරමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා සහ රජයේ මැති ඇමැතිවරු රටේ මහජනතාවට ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන්ද සැකසහිතය බලන ස්වභාවයක් ද දකින්න ලැබෙනවා. ආණ්ඩුව ජනතාවට ලබාදෙන තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ගැටලුවක් පවතිනවා.

ඒ වගේම අනාගතයේ ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් සම්බන්ධයෙන් කල් තියා ක්‍රියාමාර්ග ගැනීම නොහැකි වුවහොත් හදිසි කම්පනවලට සාර්ථක මුහුණ දීමට සිදුවන්නේ නැහැ. 2022 දී රටේ ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් තිබෙන අවස්ථාවේ අද රට පාලනය කරන ජනාධිපති අනුර දිසානායක මහතා සහ මැති ඇමැතිවරු එදා විපක්ෂයේ සිට සිදුකළ වැඩකොටසට එහා ගිය සුවිශේෂි වැඩකොටසක් සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරනු ලබනවා.

ඒ වගේම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් එදා විදේශ ඇමැති විජිත හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව සමච්චලයට ලක්කළා. කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියපු දේ අද ආණ්ඩුවට පිළිගන්න සිදුවෙලා තිබෙනවා. අනේ ප්ලිස් කියලා රටේ ආර්ථිකය හසුරුවන්න නොහැකියි. වියහැකි සෑම සංසිද්ධියක්ම විග්‍රහ කොට රටේ ආර්ථිකය , රටේ මහජනතාව වෙනුවෙන් ආණ්ඩුව හසුරුවන්න කටයුතු කළ යුතුයි.

කෙසේ නමුත් මැදපෙරදිග කලාපයේ යුද්ධය දිග් ගැස්සුනොත් මැදපෙරදිග කලාපයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ඉපැයුම් වලින් ආර්ථිකය මත යම් තෙරපුමක් ඇතිවීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයිම් වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ විදේශ ප්‍රේෂණ වලින්. ඇතැම් වර්ෂවලදී ඩොලර් බිලියන 8 ක පමණ ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණවලින් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. කෙසේ නමුත් මෙම විදේශ ප්‍රේෂණවලින් සියයට 50 ක් පමණ ලැබී තිබුණේ මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්. නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රි ලාංකිකයන්ට ලංකාවට මුදල් එවීමේදී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.4 කින් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා.

ඒ වගේම පසුගිය වසරේදී විශාල සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. ඒ හරහා ඩොලර් බිලියන 3.2 ක ආදායමක් ලැබී තිබුණා. කෙසේ නමුත් ලෝකයේ යුදමය වාතාවරණයක් තිබෙන අවස්ථාවක සංචාරකයින් සංචාරය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 1.6 කින් පමණ සංචාරක ඉපැයුම් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම 2026 ඩොලර් බිලියන 13.6 ක් ලැබී තිබුණේ භාණ්ඩ අපනයන ආදායම ලෙස ලැබි තිබුණා. කෙසේ නමුත් මැද පෙරදිග යුද්ධය හේතුවෙන් නැව් ගමනා ගමන ප්‍රමාද වී තිබෙනවා. ඒ වගේම නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ඩොලර් බිලියන 4 කින් පමණ අපනයන ආදායම් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ 2022 පැවැති ආර්ථික මට්ටමට රට ගමන් කිරිමේ පෙර නිමිත්තක් තිබෙනවා.

ඒ වගේම ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 ක් පමණ වෙනවා. නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර දින බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 යි. ඒ අනුව සියයට 45 කින් බොරතෙල් බැරලයක මිල වැඩි වී තිබෙනවා. මේ වනවිට ප්‍රෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 317 ක් වෙනවා. මැදපෙරදිග යුද්ධය යම් ප්‍රමාණයකින් වැඩි වුණොත් ප්‍රෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 370 ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම යුද්ධය නරක පැත්තට හැරුණහොත් ප්‍රෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 400 ක් දක්වා වැඩි වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔටෝ ඩිසල් මිල රුපියල් 390 ත් 400 ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම මෙම මිල ඉහළ යාම උද්ධමනයට බලපානු ලබනවා. ඩීසල් මිල ඉහළ යාම නිසා රටේ ආර්ථිකය අඩපණ වෙනවා. ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෘෂිකර්මාන්තයට , කර්මාන්තවලට , ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. මෙම තත්ත්වය නිසි අවබෝධයෙන් යුතුව තිරණ ගත යුතුයි.

ඒ වගේම ඩෙලරයක් සදහා මේ වනවිට ගෙවනු ලබන්නේ රුපියල් 311 ක මුදලක්. මැද පෙරදිග යුද්ධය සාමාන්‍ය මට්ටමක පැවැතුණහොත් ඩොලරය රුපියල් 320 ත් 340 ත් අතර මට්ටමක පවතින්න පුලුවන්. නමුත් යුද්ධය දරුණු මට්ටමක පත්වුවහොත් ඩොලරයේ අගය රුපියල් 350 සීමාව ඉක්මවා යාමේ හැකියාවක් තිබෙනවා. ඒ හරහා රුපියල දුර්වල වෙනවා. ඒ වගේම ආනයන වියදම් ඉහළ ගොස් භාණ්ඩ ගිණුමේ හිඟයක් ඇති වී ගෙවුම් ශේෂ හිඟය ඇති වී විදේශ සංචිත මත පීඩනයක් ඇති කරනු ලබනවා.

ඒ වගේම ලංකාවේ විදුලි උත්පාදනයට සියයට 25 ක් පමණ ඩිසල් යොදා ගනු ලබනවා. ඇතැම් කාලගුණ තත්ත්වයන් වලදී විදුලිය උත්පාදනයට සියයට 40 ක් පමණ ඩිසල් යොදා ගනු ලබනවා. කෙසේ නමුත් අප්‍රේල් මාසයේදී සියයට 14 කින් පමණ විදුලි බිල වැඩි කිරීමට විදුලි සමාගම් ඉල්ලිමක් කර තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරයේ මේ වනවිට යම් යම් අර්බුද ඇති වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරීම හරහා ලක්විජය බලාගාරය හරහා උද්පාදනය කරන විදුලි ධාරිතාවය අඩු වී තිබෙනවා. ඒ හරහා ඛණිජ තෙල් සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ අනුල ලංකාව තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්ව නිසා විදුලි බිල සියයට 40 කි පමණ ඉහළ යාමට ඉඩකඩ තිබෙනවා.

කෙසේ නමුත් මෙම පුරෝකතනයක් සමගි ජනබලවේගය ඉදිරිපත් කරනු ලබන්නේ රටේ පවතින තත්ත්වයක් සහ යුද්ධයේ තිව්‍රතාවයන් සහ ලංකා ආර්ථිකයේ ගනු ලැබු වැරදි තින්දු තිරණ මතයි. කෙසේ නමුත් මැද පෙරදිග කලාපය තුල යුද ගිනිදැන් ඇවිලෙන විට ලංකා ආර්ථිකය මේ වනවිට තිබෙන්නේ ගිනි කන්දක් උඩයි. මෙයින් ප්‍රවේශම් වීමටනම් කම්පන අවශෝෂක තිබිය යුතුයි. නමුත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවේ කම්පන අවශෝෂක බිඳි ගොස් තිබෙනවා. මේ නිසා රටේ ජනතාවට රිදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඒ වගේම ආණ්ඩුවට නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම රටේ අර්බුද සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුවේ කිසිදු ආර්ථික පිළිබඳව දැනුමක් තිබෙන කිසිම පුද්ගලයෙක් නැහැ. ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට උපදෙස් ලබාගැනීමේ මානව සම්පත්වල අඩුපාඩුවක් තිබෙනවා.

කෙසේ නමුත් 1988 1993 කාලයේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට රට තුළ අභ්‍යන්තර ගැටුම් තුනක කට මුහුණ දෙන්න සිදුවුණා. ඒ වගේම එම කාලය තුළ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම හරහා බලශක්ති වෙළඳපොල තුළ විශාල අර්බුදයක් ඇති වී තිබුණා. එම කාලය තුළ රටේ මිල ගණන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වුණා. 1988 1993 කාලය තුළ ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් ලෙස පැවැතුණා. ඒ වගේම උද්දමනය පාලනය කර ගැනීමටත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා. ඒ වගේම මැදපෙරදිග යුද්ධයේදී රැකියා අහිමි වුණ මැදපෙරදිග සේවය කළ පිරිසට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මැදිහත්වී වන්දියක් ලබාදෙන්න වැඩපිළිවෙලක් සකස් කර දී තිබුණා. ඔවුන්ට වෙනත් රටවල සේවාවන් සඳහා යොමු කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව වැඩ කිරිමේ හැකියාවක් තිබුණා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට ප්‍රායෝගිකව වැඩ කිරිමේ නොහැකියාවක් සහ න්‍යායාත්මකවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෙම අර්බුදය හරහා රටේ මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. ඒ වගේම ආණ්ඩුව රටට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අවිනිශ්චිභාවයක් තිබෙනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් දෙයක් ප්‍රකාශ කළත් , මැති ඇමැතිවරු යම් දෙයක් ප්‍රකාශ කළත් ජනතාව එය පිළිනොගන්නා තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. මෙය අයහපත් ප්‍රවණතාවයක්.

ඒ වගේම සුවස් ඇල මාර්ගය හරහා රුසියාවට සහ සිංගප්පුරුවට පහසුවෙන් ඛණිජ තෙල් ප්‍රවාහනය කරන්න හැකියාවක් තිබෙනවා. ඔවුන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වා කඩිනමින් බලශක්ති අර්බුදයට විසඳුම් ගැනිමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඛණිජ තෙල් ගෙන ඒමේදී ගැටලුවක් තිබෙනවා. දැනට ආර් එම් පාර්ක් සමාගමේ නැවක් ඛණිජ තෙල් සමඟ පැමිණ තිබෙනවා. ඒ වගේම සිනොපෙක් සමාගමට අයත් ඛණිජ තෙල් නැවක් පැමිණිමට නියමිතව තිබෙනවා. නමුත් ඛණිජ තෙල් නිතිගත සංස්ථාව තෙල් නැවක් ඇණුම් කරලද? සමගි ජනබලවේගය බලයේ සිටියානම් රට තුළ බලශක්ති අර්බුදයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මිත්‍රශිලි රටවල් සමඟ තිබෙන සම්බන්ධතා වේගවත් කරගෙන ලබාගැනීමට තිබෙන සහන කඩිනමින් ලබාගන්න හැකියාව සමගි ජනබලවේගයට තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග යුද්ධයෙන් පිඩාවිදින ශ්‍රී ලාංකිකයන් මුදවා ගන්න වැඩපිළිවෙලක් සමගි ජනබලවේගය ආණ්ඩුබලයේ සිටියානම් සකස් කරනු ලබනවා. ආදායමට වඩා ඔවුන්ගේ ජිවිත වැදගත් වෙනවා. ඒ වගේම උද්දමනය පාලනය කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට හැසිරුණ ආකාරයට වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැසිරෙන්නෙ නැහැ. ඔහු නිතරම රජය අපහසුතාවයට පත්වන ආකාරයේ වැඩ කටයුතු සිදුකරන්නේ නැහැ. ඔහු ලබාදෙන සංඥාවන් පිළිබඳව අවදානය යොමු කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.‘‘

SendShareShare
Previous Post

මහබැංකුව විපක්ෂය කියපු කතාව තහවුරු කරයි! ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත වැටිලා! තෙල් හිඟය අස්සේ ඩීසල්වලින් විදුලිය උත්පාදනය කරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

තෙල් වැඩේ කඩාකප්පලා කළා! තෙල් සංස්ථා සභාපති රාජකරුණාට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.