• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

AEROFLOT අවුල විසඳන්න මෛත්‍රිපාලත් මැදිහත් වෙයි! ආයාචනයක් කරමින් පුටින්ට යවපු ලියුම මෙන්න!

June 7, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
AEROFLOT අවුල විසඳන්න මෛත්‍රිපාලත් මැදිහත් වෙයි! ආයාචනයක් කරමින් පුටින්ට යවපු ලියුම මෙන්න!
Share on WhatsAppShare on Facebook
AEROFLOT ගුවන් යානය පිළිබඳ ගැටලුව කිසිසේත්ම රජය විසින් ගනු ලැබූ තීරණයක් නොව සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස තමන් ආයාචනය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා වෙත ඊයේ ලිපියක් යවමින් පවසා තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, බලයේ සිටින රජයේ සාමාජිකයෙක් නොවූවත් තමන් එම ආයාචනය සිදු කරන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපියේ සඳහන් කර ඇත්තේ මේ වනවිට දරුණු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බැවින් විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අවශ්‍ය වනු ඇති බවයි.

පැරණිතම හා සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇතැයි එම ලිපියේ සඳහන් ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත එරොෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

එම ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා,
රුසියානු සමූහාණ්ඩුව.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට මුලින්ම මගේ ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට කරුණිකව අවසර ඉල්ලමි. අපේ ජාතීන් දෙකේ ජනතාව දශක ගණනාවක් පුරා දිවෙන මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. අපගේ මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරවයක් මිස ගනුදෙනු ප්‍රතිලාභ මත පදනම් වූ එකක් නොවේ. 2009දී අවසන් වූ 30 වසරක සිවිල් යුද්ධයේදී රුසියාවෙන් කිසිදු අපේක්ෂාවක් සහ ලාභ ප්‍රයෝජනයක් නොමැතිව අප වෙත ලබාදුන් ශ්‍රේෂ්ඨ රුසියානු ජාතියේ උපකාරය සහ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව නිතර නිතර සිහිපත් කරනු ඇත. අදටත් ශ්‍රී ලාංකිකයන් අතර අපි මෙම අතීතය මතක තබා අගය කරමි.

2015 සිට 2019 දක්වා මගේ ජනාධිපති ධුර කාලය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ බැඳීම තවදුරටත් ශක්තිමත් වූ බව මට මෙන්ම ඔබතුමාටත් මතකයේ ඇතැයි මා විශ්වාස කරමි. ඔබගේ ගෞරවනීය ආරාධනයෙන් මොස්කව් වෙත මගේ නිල සංචාරය තුළදී ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික කරුණු රාශියක් සාකච්ඡා කරමින් මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවීම මා අගය කරන මතකයකි.

අවාසනාවකට මෙන්, කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු AEROFLOT ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම සම්බන්ධ මෑතකාලීන ඇතිවූ සිදුවීම අපගේ ජාතීන් දෙක සහ රජයන් අතර ඇති විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය තරමක් දුරට පළුදු කර ඇත.
එම වාරණ නියෝගයෙන් පසුව AEROFLOT ගුවන් යානා කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණයෙන් මාහට එම තත්වය තේරුම් ගත හැකිය. අවාසනාවකට මෙන්, මෙම අත්හිටුවීම අප රටට සංචාරකයන් අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විනාශකාරී පහරක් වනු ඇත. එය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ COVID-19 වසංගතයෙන් යළි රට යථා තත්ත්වයට පත්වීමට පටන්ගත්තාත් සමගම සිදු වු අවාසනාවන්ත තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම තවදුරටත් බලයේ සිටින රජයේ සාමාජිකයෙකු නොවූවද, මෙම ගැටලුව කිසිසේත්ම රජය විසින් ගත් තීරණයක් ලෙස නොව, සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස ඔබෙන් සහ රජයෙන් මා ආයාචනා කරමි. එය මෙරට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින්, මෙම අවාසනාවන්ත සිදුවීම දෙරට මිත්‍රත්වය පලුදු නොවන්න නීත්‍යනුකූලව සහ සාමකාමීව විසඳීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය සියලු පහසුකම්‍ සොයමින් සිටින බව මට සහතිකයි. ඔබ දන්නා පරිදි, මගේ රට සහ ජනතාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ දන්නා පරිදි, අප මේ වන විට දරුනු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට මුහුණ දී සිටිමු. එබැවින්, අපගේ විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අපට අවශ්‍ය වනු ඇත.

අපගේ පැරණිතම සහ සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත AEROFLOT ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව ඔබතුමා සහ ඔබේ රජය නැවත සලකා බලන ලෙසත්, අපගේ අඳුරුතම අවස්ථාවන්හිදී පවා ඔබට සහ රුසියාවට සැමදා මෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් මම ආයාචනා කරමි. ඉතිහාසය පුරාවට අප වෙත කළ උදව්‍ උපකාර වෙනුවෙන් ඔබට, ඔබේ රජයට සහ ජනතාවට මගේ ඉහළම ගෞරවය ලබාදීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෛත්‍රීපාල සිරිසේන
හයවන විධායක ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

SendShareShare
Previous Post

රනිල් ඩොලරය 450ට යන බව කියද්දී ‌මහබැංකු අධිපති ‌ඩොලරය 300ට ගේන බවට සහතික වෙයි!

Next Post

මුදල් හුවමාරුකරුවන්ට මහබැංකුව තව සති 2ක් දෙයි! කතා කර ගත් විදිහට කළේ නැත්නම් ලයිසන් කැන්සල්!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) වන විට පසුගිය වසරේ ජුනි 19 වැනිදා පැවති මට්ටමට සමාන අගයකට පැමිණ ඇති බව...

Read more
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.