ඇති කරගනු ලැබූ එකගතාවලට අනුව කටයුතු නොකරන විදේශ මුදල් හුවමාරු කරන ආයතනවල බලපත් සති 2ක් ඇතුළත අවලංගු කිරීමට මහබැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට පෙර මහැබැංකුව සහ විදේශ මුදල් හුවමාරු කරන ආයතනවල හිමිකරුවන් සමග පැවැත්වූ සාකච්ජාවලදී එකග වී තිබූ කරුණක් වූයේ අදාළ විදේශ මුදල් බැංකුවල තැන්පත් කිරීමටය.
නමුත් මේ වනවිටත් එම එකගතාව ක්‍රියාත්මක වී නොමැති බැවින් අදාළ ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ අවධානය යොමුව ඇත.
ඒ සදහා සති 2ක කාලයක් පමණක් ලබා දීමටද මහබැංකුව තීන්දු කර ඇත.










