රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ.
ඔහුට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඉල්ලා ඇත.










