මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර විපක්ෂය කියා සිටියේ පළාත් කොමසාරිස්වරිය රහස් ඡන්දයකට ගියහොත් ඇයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බවකි.










