• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නූපන් තුන් නිවුන් දරුවන් සමග ලේ විලක් මැද මියගිය ලවන්ති ටීචර් ! Sri Lanka Latest News

July 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නූපන් තුන් නිවුන් දරුවන් සමග ලේ විලක් මැද මියගිය ලවන්ති ටීචර් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නල දරු උපතකට සූදානමින් සිටි 36 හැවිරිදි ගැබිණි මාතාවක රාගම රෝහලේදී අකාලයේ මියයාමේ සිදුවීමක් වාර්තා විය. (Sri Lanka Latest News)

ඇයට දරුවන් ලැබීම ප්‍රමාද වීමෙන් පසු නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී නළ දරු උපතක් වෙනුවෙන් ඩිම්බ කිහිපයක් තැන්පත් කර ඇති අතර, දරුවන් තිදෙනෙකු පිළිසිඳගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් සති 23ක් වැනි අඩු කාලයකදී ඇයට රුධිර වහනයක් සිදුවී අපහසුතා පැනනැගී තිබේ. මේ හේතුවෙන් ඇය රාගම රජයේ රෝහලට ඇතුළත් කරන්නට සිදුව ඇත්තේ හදිසියේය. එම අපහසුතා මැද ඇය රෝහලේදී මියගොස් ඇත. කෙසේ වෙතත් මියගිය ගැබිනි මවගේ පවුලේ අය චෝදනා කරන්නේ රෝහලේ නොසැලකිල්ල නිසා මෙම මරණය සිදුව ඇති බවටයි.

මියගිය ලවන්ති චතුරි ජයසූරිය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ අතර ඉතිහාස විෂය ගුරුවරියක ලෙස ගෝනවල පමුණුවිල විද්‍යාලයේ උගන්වමින් සිටියාය.

නල දරු උපතක් වෙනුවෙන් තැන්පත් කිරීමක් සිදුකළ ඇයගේ දරු ගැබට මාස 6ක් සම්පූර්ණ වූ අවස්ථාවේ අධික ලෙස රුධිර වහනය හේතුවෙන් වරින් වර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇති ඇය, පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ හදිසියේය. ඒ, ඇය ප්‍රතිකාර ලැබූ මහාචාර්ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදිය.

ලවන්ති ජයසූරියගේ මව හඬා වැටෙමින් කියා සිටියේ,
‘මියගිය දරුවා වේදනාවක් දරාගෙන කෑගහද්දි කවුරු හරි ඇවිත් බැලුවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ස්කෑන් කරලා බලලා රාගම රෝහලේ එයාගේ වාට්ටුවට ඇතුළත් වෙන්න ඇවිත් බලන්නම් කිව්වත් දවස් තුනක් යන කල් දුව බලන්න ආවේ නැහැ. දුව හැමතිස්සෙම මගේ යටිබඩ රිදෙනවා කොන්ද රිදෙනවා කියලා කෑගැහුවා. කාර්ය මණ්ඩලයේ මිසීලා කවුරුත් අවේ නැහැ. ඔය කාලෙට ඔහොම තමයි කියලා ඒ අය කිවුවා. පස්සේ දරුවා හිටගෙන ඉන්න විට ලේ කුට්ටියක් එක්ක දරුවෙක් බිමට වැටුණා. ඒක දැකපු මිඩ් වයිෆ් කෙනෙක් ඇවිත් අපෝ කියලා වීල් චෙයා එකක් ගෙනත් දුවව වාඩි කෙරෙවුවා. එතකොට තමයි හැමෝගෙම ඇස් ඇරුණේ. එයා ඇවිත් බිම තිබුණ ලේ කුට්ටිය මගේ දරුවාගේ උකුළ උඩින් තිබ්බා.

ලේ පෙරෙද්දි දුවව ලේබර් රූම් එකට අරගෙන ගියා. අරගෙන ගිය පාරේ හරකෙක් මැරිලා වගේ ලේ ගොඩක් තිබුණා. මගේ දරුවා පාන්දර 5 වෙනකල් වේදනාවෙන් කෑගැහුවා. දැඟලුවා. දරුවෝ තුන් දෙනාට මොනා වුණාද අපි දන්නේ නැහැ. අපි දරුවෝ දෙන්නෙක් දැක්කේ නැහැ. අපට පෙන්නුවේ නැහැ. මොන තරම් කරුමයක් කරලා තිබෙනවාද අපට මෙහෙම වෙන්න. මේ දේට වගකියන්න ඕනෑ රෝහල් බලධාරීන්…’ යැයිද මියගිය ලවන්තිගේ මව ඇඬූ කඳුළින් යුතුව පැවසුවාය.

සිද්ධිය පිිළිබඳ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ එස්. ලියනගේ මෙසේ පැවසුවේය.

‘සිද්ධියට මුහුණ පෑ කාන්තාව නළදරු උපතක් සඳහා පෞද්ගලික රෝහලකින් මූලික උපදෙස් ගෙන නළදරුවන් තිදෙනකු තැන්පත් කරගෙන තිබුණා. දරු ගැබට මාස හයකින් පස්සෙ ඇති වූ සංකුලතාවකට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර කරලා අවසානයේ ඒ රෝහලෙන් තමයි රාගම රෝහලට එවුවෙ. මගේ වෛද්‍යවරුන් ඔවුන්ට හැකි උපරිමෙන් ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර කළා. දවස් හතරක් පමණ ඒ මව මේ රෝහලේ නේවාසිකව හිටියා. පස්වන දිනයේ තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ.

ඔය කියන වෛද්‍යවරයාම තමයි මීට ඉහත නළදරුවන් හයදෙනකු එක් මවකගෙ කුසයේ තැන්පත් කරලා මහත් හාස්කමක් කළේ. එදා කවුරුත් ප්‍රශංසා කළා. අද මේ රෝහලටත් වෛද්‍යවරුන්ටත් වැරදි කියනවා. පෞද්ගලික රෝහල්වලින් වැරදුණාට පසුව අපට ගේන්නේ අවසාන අවස්ථාවේදී. අපි රජයේ රෝහල් වශයෙන් නළදරුවන් තැන්පත් කිරීම් කරන්නෙ නෑ. මේ රෝහල ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම රෝහල. පුත්තලමෙන් කුරුණෑගලින් පවා බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් රැගෙන එනවා. දවසකට 400කට වැඩි රෝගීන් පිරිසක් නේවාසික රෝගීන් ලෙස මෙහෙට එනවා. මියගිය කාන්තාවට රෝහලෙන් නොසැලකූ බව කීම මට පිළිගන්න බැහැ. සති 23කින් විතර පස්සෙ තමයි මේ සංකුලතා ඇවිත් තිබුණේ…’

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (4) පමුණුවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

gossiplankanews

SendShareShare
Previous Post

ඉදිරි ඡන්දෙට එජාපයේ තරුණ තරුණියන් සූදානම් කරන්න සාගලගෙන් ‘Mission 24’! PHOTOS I Sri Lanka Latest News

Next Post

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.