තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලය හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා , G. L පීරිස් හා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමඟ එක්විය.
ඊයේ (26) පස්වරුවේ දී නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී මහාචාර්ය ජි එල් පිරිස් මැතිතුමාගේ අතින් එහි සාමාජිකත්වය ලබා ගත්තේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, K .P.S. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඉකුත් සතියේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ විජිත හේරත් මහතාද ඩලස් අලහප්පෙරුම මහතාගේ පිලට එක්විය.