අමාත්‍යාංශයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ජනාධිපතිවරයා තමාගේ පැමිණිල්ල ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා තමාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද සඳහන් කළේය.
මෙනිසා එම වාර්තාවේ කරුණු තමා මේ සභාවේ පැවසීමට බලාපොරොත්තු නොවන බවද ලංසා මහතා කීවේය.
මීට අමතරව දැනට රට තුළ මතුව පවතින අර්බූදය විසදීම සදහා සියලු දෙනා එකතු විය යුතු බවත්, විපක්ෂයට තමන් ඒ සදහා ආරාධනා කරන බවත් ලන්සා මහතා කීය.
ඔහු මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.









